தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
බී.බී.සි.ය අසාම් අමීන් ‌නෙරපයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බී.බී.සි.ය අසාම් අමීන් ‌නෙරපයි!



බ්‍රිතාන්‍ය බී.බී.සී පුවත් ‌සේවයේ ලංකාවේ වාර්තාකරුවකු ‌ලෙස කටයුතු කළ මාධ්‍යවේදී අසාම් අමීන්ගේ ‌සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අවසන්කර ඇත.

පසුගියදා අනාවරණය වූ රන්ජන් රාමනායක විසින් තබාගත්බව කියූ හඬපට අනාවරණයවීමත් සමග මධ්‍යවේදී අසාම් අමීන් සමග කළ සංවාදයක්ද අඩංගුවූූ බව ප්‍රකාශයට පත් විය. ‌මේ අකාරයට අසාම් අමීන් ඇතුළු විවිධ ප්‍රකට පුද්ගලයන් සමඟ රංජන් රාමනායක මන්ත්‍රිවරයා විසින් කළ සංවාද සම්බන්ධව මන්ත්‍රිවරයා විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණයකරන ලදී.

ප්‍රවීන මාධ්‍යවේදියකුවන ඒන්.එම්. අමීන්ගේ පුත්‍රයා වන අසාම්, මාර්තු 31 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බීබීසී ආයතනයෙන් ඉල්ලා අස්වීම සඳහා ලිපියක් යොමුකර තිබූ බවක්ද වාර්තා වේ.