தமிழ்
English
Contact
Friday 24th May 2019    
බුද්ධාගමට මුල්තැන දුන්නම කාගෙත් ප්‍රශ්න ඉවරයි- කාඩිනල් මැල්කම් රංජිත් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බුද්ධාගමට මුල්තැන දුන්නම කාගෙත් ප්‍රශ්න ඉවරයි- කාඩිනල් මැල්කම් රංජිත්



බුද්ධාගම මඟ පෙන්වීම මත  ඉස්ලාම්, කතෝලික ජනතාව කටයුතු කිරීමෙන් ආගමික සහජීවනය ගොඩනැගෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුවරයා අද(10) කොළඹදී පවසයි.

‘ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදය පරදවන පංචවිධ සැලැස්ම’ එළිදැක්වීමේ අවස්ථාවට කොළඹ පදනම් ආයතනයේ දී අද (10) එක්වෙමින්  අගරදගුරු මේ බව පවසා තිබිණි.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීයා සිටියේය.     

‘‘බටහිර බලවතුන් රටවල් තුළ ආරවුල් ඇති කළ යුතුමයි. එසේ නොමැතිව ඔවුන්ට ආයුධ  විකුණගන්න බැහැ. මේ ආරවුල් ඇති කිරීමට ජාතීන් ආගමිකයන් කෙටවීමේ වැඩපිලිවෙළකට ඔවුන් යනවා. 

අපේ රටේ ජාතීන් දෙකක් අතර අවුරුදු 30ක  යුද්ධයක් තිබුණා. ශතවර්ශ ගණනාවක්  එකට සහෝදරයන් ලෙස ජීවත් වු ජාතීන් දෙකක් එකිනෙකා මරා ගත්තා. අපි සිංහල  දෙමළ මිනිස්සු ඇන කොටා ගෙන ඒ අයව පෝසත් කළා. ලෝක බැංකුවෙන් ණයට සල්ලි අරගෙන අපි ආයුධ අරගන්නවා.  අපි හිඟන්නො බවට පත්වෙනවා. ඒ අය ධනය උපයා ගන්නවා.

මේ අයි. එස්. අයි. එස් සංවිධානය කියන්නෙත් ඒ වැඩපිලිවෙලේ කොටසක්, මේකට ඉස්ලාම් ජාතිකයන් සම්බන්ධ කිරීම වැරදියි.  ඉස්ලාම් ආගම තුළ මෙවැනි දෙයක් කරන්න අවසර දෙන්නේ නැහැ. කුරානයේ ටිකක් ප‍්‍රශ්න තියෙන වගන්ති 26 ක් තියෙනවා කියලා මට මව්ලවිතුමන් කිව්වා. ඒ ඇර වෙනත් ප‍්‍රශ්න නැහැ.

වෙනත් බලවේග විසින් විවිධ ජාත්‍යන්තර මට්ටමේ  ත‍්‍රස්ත සංවිධාන බිහිවෙන්න ඉඩ හැරලා වෙනස්කම් උලූප්පලා ඒ අයට  ආයුධ නිෂ්පාදනය කරලා විකුණලා තමන්ගේ ආර්ථිකය පෝසත් කරන්න සාතාන්ගේ වැඩපිලිවෙලේ කොටසක් තමයි මේක. 

මේ අන්තවාදයට ඉඩ නොදෙන්න ඉස්ලාම් ධර්මය අදහන  අයට ලොකු යුතුකමක් තියෙනවා. තමන්ව අතකොලූවක් නොවෙන්න පාවිච්චි  නොවෙන්න ඒ අයට වගකීමක් තියෙනවා.  මම ඒ නායකත්වයට කියනවා අපි ඔබව  තේරුම්  අරගෙන තියෙන්නේ. නමුත් මේකට රැවටෙන තරුණ තරුණියන්ව  නොමග යැවිමට ඉඩ දෙන්න එපා කියලා මම ඉල්ලනවා.”

කාඩිනල්වරයා මෙසේ අදහස් පළ කිරීමේදී දේශපාලන ධාරාවක් නියෝජනය කරන බවට ඇගවුමක් තිබේ. පසුගිය කාලයේ කාඩිනල්වරයා දේශපාලනයට ඇතුළුවීමේ ආකාරයක් පෙන්වූ බවට විවේචන රැසක් එල්ල වී ඇත. විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නැවත සකස් කිරීමේදී අනාගාමික රාජ්‍ය ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට ගෙන ගිය ඉල්ලීමට පහර දෙමින් අගරදගුරුවරයා පැවසුවේ කතෝලික සභාව වශයෙන් මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවය.