தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
බුද්ධි නිළධාරීන්ගෙන් තවත් ප්‍රශ්න කළොත් මම තරහම තරහයි - මෛත්‍රී කැබිනට් මණ්ඩලයට පවසයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බුද්ධි නිළධාරීන්ගෙන් තවත් ප්‍රශ්න කළොත් මම තරහම තරහයි – මෛත්‍රී කැබිනට් මණ්ඩලයට පවසයි



පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජාතික බුද්ධි සේවයත් ජාතික ආරක්‍ෂාව ගැනත් තැකීමක් නොමැතිව දිගින් දිගටම කටයුතු කරන්නේ නම් තමා තමා කැබිනට් රැස්වීම් වලටද සහභාගී නොවන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (07) රාත‍්‍රියේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

තේරීම් කාරක සභාව දිගටම මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ආණ්ඩුවේ කිසිම කටයුත්තකට සහය නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කොට ඇත.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කොට ඇති ජනාධිපතිවරයා රහස්‍ය තොරතුරු පනතද උල්ලංඝණය කරමින් තේරීම් කාරක සභාව කටයුතු කරන බවටද චෝදනා කොට ඇතැයි පැවසේ.

බුද්ධි අංශ නිලධාරීන් කාරත සභාවට ගෙන්වා මාධ්‍ය ඉදිරියේ ඔවුන්ගෙන් තොරතුරු විමසීම රටේ ජාතික ආරක්‍ෂාවටත් ජාතික බුද්ධි සේවාවටත් බරපතල තර්ජනයක් බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කොට ඇතැයි දැනගන්නට තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් පහක් විභාග කෙරෙන අවස්ථාවේ තේරීම් කරක සභාවේ කටයුතු එම පෙත්සම් විභාගයට බාධාවක් බව නීතීපතිවරයා දැනුම් දී ඇති බවත් නීතීපතිවරයාගේ එම වාර්තාව කතානායකවරයා වෙත යොමු කොට ඇති නමුත් මෙතෙක් ප‍්‍රතිචාරයක් ලැබී නැති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වේ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා මෙවැනි පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරමින් සිදු කරන ක්‍රියාවන් හේතුවෙන් තමාට අහිතකර බලපෑම් ඇති බව බවයි.

එම අවස්ථාවේදි ඊට පිලිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අදාල පාර්ලිමේන්තු කාරක සභාවට තමන් කිසිදු සමාජිකයෙකු පත් නොකල බවත් එය පාර්ලිමෙන්තුවේ පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ කැමැත්ත පරිදි සම්මතකර කාරක සභාවක් බවත්ය.

තේරීම් කාරක සභාවේ සාක්කි විමසීමේදී ජාතික ආරක්‍ෂාවට බලපාන කරුණු මාධ්‍යයට විවෘත නොකරන බවද ඇමතිවරුන් කිහිපදෙනෙකු ප‍්‍රකාශ කොට ඇති බවද දැනගන්නට තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) රාත‍්‍රීයේ කැඳවා තිබු හදිසි කැබිනට් රැස්වීම පැයකට අධික කාලයක් පැවැති බවද වාර්තා විය.

තේරීම් කාරක සභාව හමුවේ පසුගිය සමයේ සාක්ෂි දුන් සියලු නිළධාරීන් ප්‍රහාරයේ වගකීම එකිනෙකා මත පැටවීමට උත්සාහ කළද ප්‍රහාරයක් සිදුවෙන බව ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකයා ඇතුළු සියලු දෙනා දැනසිටි බවට මේ වනවිට අනාවරණය වී ඇත. ජනාධිපතිවරයා එය වසා ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි තොරතුරු අනාවරණය කරන බවට චෝදනා කරන බව පැහැදිලිවේ.