தமிழ்
English
Contact
Tuesday 7th July 2020    
බොරතෙල් මිල සෘණ අගයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බොරතෙල් මිල සෘණ අගයක



ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක අනාගත මිල ගණන් සෘණ අගයක් ගෙන තිබේ.

මේ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක අනාගත මිල සටහන් වූයේ සෘණ ඩොලර් 37 යි සත 63 ක් ලෙසය.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ලොව පුරා රටවල නිෂ්පාදන ක්‍රියාවලිය බිඳවැටීම හමුවේ බොරතෙල් ඉල්ලුම සීඝ්‍රයෙන් පහත වැටීම මෙලෙස මිල වාර්තාගත අයුරින් පහත වැටීමට හේතු විය.

අලෙවිය පහත වැටීම හමුවේ බොරතෙල් සමාගම් සිය අතිරික්ත නිෂ්පාදන ගබඩා කිරීමට, ටැංකි කුලියට ගැනීමට යොමු වූ අතර මෙය අමෙරිකානු බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් සඳහා සෘණ මිලක් ලැබීමට හේතුවයි.

බොරතෙල් අලෙවි කෙරෙන්නේ එහි අනාගත මිල පදනම් කරගනිමින් වන අතර මැයි මාසයේ අනාගත කොන්ත්‍රාත් මිල අදින් අවලංගු වීමට නියමිත වේ.

මෙය වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බොරතෙල් වෙළෙඳපොළට සිදු වූ බලපෑම හෙළිකරන අතර නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව අකර්මන්‍යව පැවතුණහොත් ජුනි මස බොරතෙල් මිල ද පහතවැටෙනු ඇතැයි විශ්ලේෂකයන් වැඩිදුරටත් පවසති.

මෙය බොරතෙල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා රැසක් අහිමිවීමට ද හේතුවනු ඇති බව වාර්තා වේ.

මේ මස මුලදී ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල් සහ එහි මිත්‍ර රාජ්‍යයන් ගෝලීය බොරතෙල් නිෂ්පාදනය 10% කින් කප්පාදු කිරීමට පියවර ගත් නමුත් එය මිලෙහි වෙනසක් ඇතිකිරීමට ප්‍රමාණවත් වී නැති බව විශ්ලේෂකයන්ගේ මතයයි.

බොරතෙල් නිෂ්පාදන ඉතිහාසයේ නිෂ්පාදන කටයුතු මෙතරම් ප්‍රතිශතයකින් කප්පාදු කිරීමට පියවර ගත් ප්‍රථම අවස්ථාව ද මෙයයි.

අමෙරිකාව ද බොරතෙල් නිෂ්පාදනය පහත හෙළිමට පියවර ගත් නමුත් ලොව තවමත් විශාල බොරතෙල් අතිරික්තයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.