Posted on 10.09.2018 by Nishshanka in විදෙස් පුවත් with 0 Comments
මීට වසර 51 පෙර ඝාතනය කරනු ලැබූ අර්නස්ටෝ චේ ගවේරාගේ 51 වන සංවත්සරය ඊයේ දිනයේ බොලිවියාවේ ලා හිගුවේරාහිදී පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම අවස්ථාවට එරට බොලිවියාවේ රාජ්‍ය නිලධාරීන් හා කියුබානු තානාපති ඇතුළු කලාකරුවන් විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගී තිබේ.
එහි ප්‍රධාන දේශනය කියුබානු තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශක එරික් වැල්ඩාස් විසින් සිදුකර තිබේ.
1967 වසරේ ඔක්තෝබර් මස8 වැනිදි චේ තුවලා ලබා සිටියදී බොලිවියානු හමුදා අත්අඩංගුවටපත්වූ අතර පසුව සීඅයි.ඒ. සංවිධානයේ උපදෙස් මත චේ ඇතුලු පිරිසක් ඝාතනය කර අභිරහස් ලෙස වල දමා තිබුනි.
පසුව කියුබානු රජයේ මැදිහත්වීම මත එම සිරුරේ කොටස් සොයාගෙන කියුබාව වෙත රැගෙන එනු ලැබීය.
ඉන්පසුව කියුබානු රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් සාන්ත ක්ලාරා හි චේගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට කටයුතු යෙදීය.
කියුබාවේද සාන්ත ක්ලාරාහි චේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති චේ අනුෂ්මරණ කෞතුකාගාරය අසල කියුබානු උප ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් මෙවර චේ සැමරුම පැවැත්විනි.