தமிழ்
English
Contact
Friday 16th April 2021    
බෝනස් ඉල්ලා වර්ජනයක නිරත 'නෙක්ස්ට්' සේවකයන්ට මුදලෙන් අඩක් ලබාදීමට පාලනාධිකාරිය එකඟ වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බෝනස් ඉල්ලා වර්ජනයක නිරත ‘නෙක්ස්ට්’ සේවකයන්ට මුදලෙන් අඩක් ලබාදීමට පාලනාධිකාරිය එකඟ වෙයි



නෙක්ස්ට් ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන්ට බෝනස් මුදලෙන් අඩක් ලබාදීමට පාලනඅධිකාරිය එකඟ වී ඇති බව වාර්තා වේ. කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නෙක්ස්ට් ඇඟලුම් ආයතනයේ පාලනාධිකාරිය හා සේවකයන් අතර පසුගිය 22වනදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ තිබේ.

නෙක්ස්ට් සේවකයන් තමන්ට හිමි බෝනස් මුදල් ඉල්ලා අඛන්ඩ වර්ජනය නිරතවූ අතර එය කඩාකප්පල් කිරීම සඳහා පාලනාධිකාරිය විසින් පොලීසිය සහ මැරයන් යොදවා තිබුණි.

ඊයේ පැවැති සාකච්ඡාවෙන් පසු දෙසැම්බර් 23 සිට දෙසැම්බර් 30 දක්වා ආයතනය වසා දමා ‘නෙක්ස්ට්’ සේවක සේවිකාවන්ට නත්තල් නිවාඩුව ලබා දීමට තිරණය කර ඇති පාලනාධිකාරිය ජනවාරි 8 වැනි දින කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නැවත සාකච්ඡාවකට දින වෙන් කරගෙන තිබේ.

එදිනට සේවකයන්ගේ ඉතිරි සියයට පනහක බෝනස් මුදල ලබා දීම සම්බන්ධයෙන් තීරණයකට එළ‌ඹෙනු ඇති බව විශ්වාස කෙරෙන බව ‘ඩාබිඳු සාමූහිකයේ’ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි පවසා ඇත.

ඇය තව දුරටත් පවසා ඇත්තේ, ප්‍රසාද දීමනා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසු ගිය දින කිහිපය තුලම සේවකයන් විරෝධතාවය දියත් කළ කටුනායක ‘චීප් වේ ලංකා’ (Cheap way Lanka) ඇගලුම් ආයතනය සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා නොදි, ආයතනය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවයි.