தமிழ்
English
Contact
Thursday 21st March 2019    
බෝ නොවන රෝග සඳහා ගන්නා බෙහෙත් රැසක මිල ඉහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බෝ නොවන රෝග සඳහා ගන්නා බෙහෙත් රැසක මිල ඉහළට



රජයේ සහ පෞද්ගලික ඔසුසල්වල අලෙවි කරනු ලබන අතවශ්‍ය බෙහෙත් වර්ග බොහොමයක මිල ගණන් මේ වනවිට ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා රජයේ ඔසුසල්වලින් දෙසැම්බර් මාසයේ රුපියල් 2000ට අඩුවෙන් මිලදී ගත හැකිව තිබූ බෙහෙත් වට්ටෝරුව බොහෝ ඔසුසල්වල මේ වනවිට රුපියල් 2700ද ඉක්මවා මිල නියම වී ඇතැයි වාර්තා වේ. පුද්ගලික ඔසුසල්වල රුපියල් 3000ද ඉකමවා ගොස් ඇත.

මෙම තත්ත්වය මත බොහෝ රෝගීන් තමනට පිටතින් ගැනීමට නියම කරනු ලබන බෙහෙත් වර්ගවලින් කිහිපයක් පමණක් මිලදී ගන්නා තත්ත්වයට පත්ව සිටියි.

දියවැඩියා රෝගය සඳහා ගන්නා ‘මෙට්ෆෝමින්’ ඇතුලි බෙහෙත් වර්ග ම්නෙම අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සඳහා නිර්දේශිත බෙහෙත් වර්ගද, හදවත් රෝග වැළක්වීමට ගන්නා ඇස්ප්‍රීන් ද මෙම බෙහෙත් අතරට අයත්වේ.