தமிழ்
English
Contact
Sunday 28th February 2021    
භාණ්ඩ 27ක මිල පහත හෙළන බව වෙළඳ ඇමති බන්දුල කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

භාණ්ඩ 27ක මිල පහත හෙළන බව වෙළඳ ඇමති බන්දුල කියයි



පෙබරවාරි 08 සිට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක මිල පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

වෙළඳ අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම භාණ්ඩ මාස 3ක කාලයක් සඳහා නියම කෙරෙන අඩු මිල යටතේ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවය.

එසේ මිල පාලනය කෙරෙන භාණ්ඩ සම්බන්ධ විස්තරය මෙසේය:
රතු කැකුළු 1Kg – රුපියල් (නව මිල) 93 – (පැවැති මිල)106
සුදු කැකුළු 1Kg – රුපියල් (නව මිල) 93 – (පැවැති මිල) 105
සුදු නාඩු 1Kg – රුපියල් (නව මිල) 96 – (පැවැති මිල) 109
සම්බා 1Kg – රුපියල් (නව මිල) 99 – (පැවැති මිල) 120
කීරි සම්බා – රුපියල් (නව මිල) 125 – (පැවැති මිල) 140
තිරිඟු පිටි – රුපියල් (නව මිල) 84 – (පැවැති මිල) 105
සුදු සීනි – රුපියල් (නව මිල) 99 – (පැවැති මිල) 110
දුඹුරු සීනි – රුපියල් (නව මිල) 125 – (පැවැති මිල) 140
තේ කොළ (100g) – රුපියල් (නව මිල) 95 – (පැවැති මිල) 130
රතු පරිප්පු (Australia) 1kg – රුපියල් (නව මිල) 165 – (පැවැති මිල) 188
ලොකු ළූණු ඉන්දියන් 1kg – රුපියල් (නව මිල) 120 – (පැවැති මිල) 140
අර්තාපල් දේශීය 1kg – රුපියල් (නව මිල) 180 – (පැවැති මිල) (216 – 220)
අර්තාපල් (Pakistan) 1kg – රුපියල් (නව මිල) 140 – (පැවැති මිල) 190
කඩළ 1kg – රුපියල් (නව මිල) 175 – (පැවැති මිල) 225
වියළි මිරිස් 1kg – රුපියල් (නව මිල) 495 – (පැවැති මිල) 550
ටින් මාලු දේශීය 425g – රුපියල් (නව මිල) 220 – (පැවැති මිල) 240
ටින් මාලු ආනයනික 425g – රුපියල් (නව මිල) 265 – (පැවැති මිල) 280
හාල්මැස්සන් තායි 1kg – රුපියල් (නව මිල) 545 – (පැවැති මිල) 700
කුකුල් මස් සම සහිත – රුපියල් (නව මිල) 400 – (පැවැති මිල) 430
ලුණුකැට 1kg – රුපියල් (නව මිල) 43 – (පැවැති මිල) 55
කිරි පිටි 400g – රුපියල් (නව මිල) 355 – (පැවැති මිල) 380
සෝයා තෙල් 500ml – රුපියල් (නව මිල) 310 – (පැවැති මිල) 470
රෙදි සෝදන සබන් (BCC) 115g – රුපියල් (නව මිල) 43 – (පැවැති මිල) 53
රෙදි සෝදන සබන් 650g – රුපියල් (නව මිල) 260 – (පැවැති මිල) 325
සුවඳ සබන් 100g – රුපියල් (නව මිල) 56 – (පැවැති මිල) 63
දෑත් සෝදන දියර 100ml – රුපියල් (නව මිල) 250 – (පැවැති මිල) 350
මුඛ ආවරණ (SLS සහතික ලත්) – රුපියල් (නව මිල) 14 – (පැවැති මිල) 25