தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
භාරතීය ජනතා පක්ෂය දීපිකා පදුකෝන්ට තර්ජනය කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

භාරතීය ජනතා පක්ෂය දීපිකා පදුකෝන්ට තර්ජනය කරයි!



ඉන්දිය පුරවැසි පනත් සංශෝධනයට එරෙහිව විරෝධතා දක්වන ශිෂ්‍ය හා තරුණ කණ්ඩායම් වෙත සහයෝගය පළකරමින් ඔවුන් අතරට ගිය ඉන්දිය සිනමා නිළි දීපිකා පදුකෝන් වෙත හිංසාවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම් හා තර්ජනය කිරීම් භාරතීය ජනතා පක්ෂයේ නායකයන් හා ආධාරකරුවන් විසින් සිදුකර ඇත.

නවදිල්ලියේ ජවහර්ලාල් නේරු සරසවියේ ශිෂ්‍යයන් ඉන්දිය පාලකයන්ට එරෙහිව ජනවාරි 5 පැවැත්වූ විරෝධතාවට පහරදී ශිෂ්‍ය ක්‍රියාකාරින්ට තුවාල සිදුකිරීම නිසා ඔවුන්ට සිය සහාය පළ කිරීමේ අරමුණින් දීපිකා එහි ගියාය. මුහුනු වසාගත් කණ්ඩායමක් ශිෂ්‍ය විරෝධතාවට කඩාවැදී යකඩ බට, පොලු, බේස්බේල්ල පිති හා ගල්කැටවලින් පහරදී ඇත්තේ පාලක භාරතීය ජනතා පක්ෂයටම අයත් ශිෂ්‍ය සංවිධානය විසින් පැවැත්වූ විරෝධතාවකට බවද වාර්තා වේ. 34 හැවිරිදි ජනප්‍රිය නිළිය විසින් ශිෂ්‍යයන් අතරට ගොස් ඉන්දිය පාලකයන්ගේ අයුක්ති සහගත පුරවැසි පනත් සංශෝධනයට සිය විරෝධය පළ කර තිබීම එරට සිනමා කර්මාන්තයේ ඇතැම් ප්‍රබලයන්ගේද නොසතුටට හේතු වී ඇත.

භාරතීය ජනතා පක්ෂයේ ඇතැමුන් විසින් සිනමා නිළි දීපිකා රංගනයේ යෙදෙන සිනමා දර්ශන වර්ජනය කිරීමට යෝජනා කර ඇති අතර තවත් පිරිසක් විසින් වෙත අවමන් සහගත හා තර්ජනාත්මක ප්‍රතිචාර දක්වමින් තිබේ. කෙසේවෙතත්, දීපිකා වෙත සහාය පළකරන තත්වයක්ද මතුව ඇත. විශේෂයෙන් සමාජ මාධ්‍යවල මෙම ප්‍රතිවිරෝධය උණුසුම්ව ඇවිළයමින් තිබෙන බව දක්නට ලැබේ.