தமிழ்
English
Contact
Thursday 21st June 2018    
මගීන් 71 දෙනෙකු සමග රුසියානු ගුවන් යානයක් කඩා වැටේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මගීන් 71 දෙනෙකු සමග රුසියානු ගුවන් යානයක් කඩා වැටේ



මගීන් 71 දෙනෙකු හා එහි කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සමග ඊයේ රුසියානු මගී ගුවන් යානයක් මොස්කව් ආසන්නයේ අතුනරට ලක්වීමෙන් එහි ගමන් ගත් සියිලු දෙනාම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු අභ්‍යන්තර ගුවන් ගමන් වල යෙදනෙ සරාටෝව් ගුවන් සමාගමට අයත් එම යානයේ යම් කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවන් ගතවී සුළු වේලාවකින් මෙසේ අනතුරට පත්ව ඇති බව වාර්තාවේ. යානයේ ගමන් ගත් කිසිවකුගේ ජීවිත බේරී නොමැති බවද එම වාර්තා පෙන්වාදේ.

ඊයේ රාත්‍රී අධික හිමපතනයක් සහිත මොස්කව් ආසන්නයේ පිහිටි ඩොමොඩෙඩොවෝ ගුවන් තොටුපලින් ගුවන් ගතවී සුළු වේලාවකින් පසුව ගුවන් තොටුපල ආසන්නයේදීම යානය මෙසේ කඩා වැටීමට ලක්ව ඇති බව වාර්තාවේ. ඇන්ටනොව් 148 වර්ගයට අයත් මෙම යානය යූරල් ප්‍රෙද්ශයේ ඔෂ්ක් බලා පියාසර කිරීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත්  දැඩිදුෂ්කරතා මැද සොදිසි කටයුතු ක්‍රියාත්මක කරන බව රුසියානු ආරක්ෂක අංශ විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.




Related News