தமிழ்
English
Contact
Thursday 29th September 2022    
මගේ කතාවට ඉඩක් නෑ, දිනමිණ වරප්‍රසාද කමිටුවට ගෙන්වන්න -බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවෙදී ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මගේ කතාවට ඉඩක් නෑ, දිනමිණ වරප්‍රසාද කමිටුවට ගෙන්වන්න -බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවෙදී ඉල්ලයි



වෙළෙඳ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයේදී විෂය භාර ඇමැතිවරයා ලෙස තම කතාව ප්‍රමාණවත් ඉඩක පළ නොකිරීමෙන් තම වරප්‍රසාද කඩවීම නිසා අදාළ මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවියයුතු බව බන්දුල ගුණවර්ධන පවසයි.

දිනමිණ පුවත්පතේ පාර්ලිමේන්තු පිටුව මඟින් මෙම වාර්තා කිරීමේ දෝෂය නිසා එම පුවත්පතේ කර්තෘවරයා කැඳවා ප්‍රශ්න කරන ලෙස ඉල්ලා සිටින බවත් වෙළෙඳ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ දෙසැම්බර් 05 වැනිදාය. අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී ඇමතිවරයා පවසා තිබුණේ ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, පාර්ලිමේන්තුවේත් බලයට අභියෝග කරමින් සර්ව බලධාරි ලෙස කටයුතු කරන නිලධාරින් පිරිසක් සම්බන්ධයෙනි. තමන් විවේචනාත්මකව එසේ කතා කළද ඒවා පළ නොකරන දිනමිණ පුවත්පතේ කාටුන් එකකින් පවා පහර ගසා ඇති බවද ඇමතිවරයා ෙමැසිවිලි නගා ඇත. මහජන බදු මුදල්වලින් පවත්වාගෙන යන දිනමිණ පුවත්පත ජාවාරම්කරුවකු වෙළෙද ඇමතිට පිත්තකින් පහරදෙන ආකාරය සිතුවම් කර තිබිණි.