தமிழ்
English
Contact
Saturday 24th October 2020    
මගේ පුතා පැහැරගෙන ගිය වාහනයත් නාවික හමුදා කඳවුරේ තිබුණා! - යුද හමුදා විශ්‍රාමිකයෙක් කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මගේ පුතා පැහැරගෙන ගිය වාහනයත් නාවික හමුදා කඳවුරේ තිබුණා! – යුද හමුදා විශ්‍රාමිකයෙක් කියයි



නාවික හමුදා කප්පම් කල්ලියකින් පැහැරෙන ගොස් අතුරුදන් කළ තම පුත්‍රයාට සාධාරණයක් ඉටුකළ යුතු බව විශ්‍රාමික යුද හමුදා නිලධාරියකුවන ඩී.ඒම්.පී. වීරසිංහ පවසයි.
2008-2007 සමයේ කොළඹ ප්‍රදේශයේ මෙන්ම පිට පළාත්වලදී පැහැරෙගන ගොස් කප්පම් ලබාගැනීමට පාසල් දරුවන් 5 දෙනකු හා තවත් පුද්ගලයන් 6 දෙනකු පැහැරගෙන ගොස් රඳවා තබා අතුරුදන් කිරීමේ චෝදනා විභාගයට ගෙන යුක්තිය ඉටු කරන ලෙස ඔවුන්ගේ ඥාතිහු ඒක හඬින් ඉල්ලා සිටිති. ඒහෙත් මෙම චෝදනාව සම්බන්ධ පැවති නඩු විභාගයේ චූදිතයන් ලෙස නම්කළ නාවික නිලධාරින් ඇතුළු සොල්දාදුවන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීම හා බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ අතැම් ජාතිවාදී සංවිධානවල භික්ෂුන් විරෝධය පළ කරන ලදී. ඔවුන් කළ ඉල්ලීම් සම්බන්ධෙයන් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේ තමන් කිසිදු රනවිරුවකු අත්අඩංගුවට ගැනීමට හෝ සිරගත කිරීමට ඉඩ නොදෙන බවය.

මෙම පැහැරගැනීම් සඳහා යොදාගත් වාහනයක් වර්ණ වෙනස් කර චැසි අංක පවා මකා ත්‍රිකුණාමල නාවික කඳවුරේ භාවිතයට ගෙන තිබියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබිණි.

ඒපමණක් නොව 2009 පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඔවුන් ගමන්ගත් වාහනය අතුරුදන් වූවද ඒම වාහනයේ කොටස් වත්තල නාවික කඳවුරේ තිබී සොයාගන්නා ලදී. ඒම වාහන කොටස් සම්බන්ධ නාවික කඳවුරේ පැහැදිලි කිරම වී ඇත්තේ ඒ්වා මරාගෙන පැරෙන බෝම්ම සහිත වාහනයක කොටස් බවය.

2008 දී පැහැරගන්නා ලද ඩිලාන් වීරසිංහ නමැති පාසල් වයසේ තම දරුවාට කුමක් සිදුවූයේද යන්න දැනගැනීමට අයිතියක් ඔවුන්ගේ මව්පියන් ලෙස තමන්ට ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ, දරුවන් සිටින පියවරු ලෙස මෙම කරුණ ගැන වඩා සංවේදී බවක් තිබිය යුතු බවත් ඩිලාන් වීරසිංහගේ මව්පිය යුවළ මාධ්‍ය නාලිකාවකට ප්‍රකාශයක් කරමින් පවසති.

කෙසේවෙතත් මෙම පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමේ වින්දිතයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥවරියටද පසුගිය කාලය පුරා මරණ තර්ජන ඒල්ල වී ඇති බව වාර්තා විය.