தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
මට පවරන වගකීම ඉටු කරන්න වෙනවා - වෛද්‍ය අනිල් ජාසිංහ වෙනස්වීම ගැන අදහස් දක්වයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මට පවරන වගකීම ඉටු කරන්න වෙනවා – වෛද්‍ය අනිල් ජාසිංහ වෙනස්වීම ගැන අදහස් දක්වයි



ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලයක සිට පරිසර අමාත්‍යංශ ලේකම් ලෙස තමන්ට උසස්වීමක ලබාදුන් බවත් පවරන වගකීම් ඉටු කිරීම රාජ්‍ය සේවයේ වගකීම බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

අද(19) ටී.වී දෙරණ නාලිකාවේ ‘ටෝක් විත් චතුර’ වැඩසටහනට අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කොවිඩ් මර්දන කටයුතුවලින් ඉවත්ව සිටීමට සිදුවූ හේතුව පිළිබඳ අදහස් පළකර ඇත.

මාර්තු මාසයේ සිට කොරෝනා වසංගතයේ පළමු රැල්ල ඇති වූ විට සමස්ථ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට නායකත්වය දෙමින් විශේෂඥ වෛද්‍යවරයා පරිසර අමාත්‍යාංශයට යොමු කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් පළ වී තිබුණි. වසංගතය අවස්ථාවේ රජයේ ක්‍රියාමාර්ග හමුවේ ඇතිව තිබූ ආතති සහගත රාජකාරි ස්වභාවය නිසා ඉවත්ව යාමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජාසිංහට අවශ්‍යව තිබූ බව ඉන් එක් අදහසකි. කෙසේවෙතත් ඔහුගේ වසංගත පිටුදැකීමේ මැදිහත්වීම නිසා ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට වසංගත කටයුතු කලමනාකරණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මහත් කැපවීමක් කළ වෛද්‍ය ජාසිංහ පරිසර අමාත්‍යංශයට මාරුකර යවන්නට පියවර ගත් බව තවත් අයගේ අදහස විය.

කෙසේවෙතත් මේ කතාබහ සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ අදාළ වැඩමටහනේදී මාධ්‍යවේදී චතුර අල්විස් කළ විමසීමකදී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙසේ සඳහන් කරණ ලදී.
“සමාජ කතිකාවක් යෑම මටවත් වෙන කාටවත් නවත්වන්න බෑනේ. එක තමයි රටේ ප්‍රජාන්ත්‍රවාදී ස්වභාවය. පුවත්පත් තියෙනවා, මාධ්‍ය නාලිකා තියෙනවා, සමාජ මාධ්‍ය තියෙනවා. ඉතින් විවිධ දේ ගැන විවිධ අය කථා කරනවා. අපි කරපු භූමිකාව තුළ ඒ කතා කිරීම වැඩිවෙනවා. කෙටියෙන් පිළිතුරු දුන්නොත්, නව කැබිනට් මණ්ඩලය පත්වීමත් සමග ජනාධිපතිතුමා උසස්වීමක් හැටියට තමයි මේ තනතුර මට ප්‍රදානය කළේ. ඒක තමයි මට කියන්න පුළුවන්. මේ තනතුරට මට අකමැතියි කියන්න බෑ. මොකද, මට දෙන වගකීම මොකක්ද, ඒ වගකීම ඉටුකරන්න මම බැඳී ඉන්නවා. අද ගත්තත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් හැටියට මම ඒ කාර්යයට උර දීලා ඉන්නවා.”