தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
මඩකලපු පෞද්ගලික විශ්ව විද්‍යාලය වහා අහෝසි කරනු - අන්තරයෙන් ලිඛිත ඉල්ලීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මඩකලපු පෞද්ගලික විශ්ව විද්‍යාලය වහා අහෝසි කරනු – අන්තරයෙන් ලිඛිත ඉල්ලීමක්



මඩකලපුව උපාධි කඩය අහෝසි කරන ලෙස රජයට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද(22) දින උසස් අධ්‍යාපන අමාත්‍යාවරයාට ලිපියක් බාරදෙන ලදි.

මින් වසරකට පෙරාතුව මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමේදී එය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බව අනාවරණය වූ බව පවසන අ.වි.වි.ශි.බ.ම. කැදවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය අද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත විරෝධතා ලිපියක් ඉදිරිපත් කරන ලදී.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

“Batticoloa Campus පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධවයි.

Batticoloa Campus නමින් මඩකලපුව ප‍්‍රදේශයේ ඉදිවන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සම්බන්ධයෙන් මීට පෙරද අවස්ථා කිහිපයකදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අදාල බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට අප කටයුතු කළෙමු. ඊට ප‍්‍රධානතම හේතුව වන්නේ අධ්‍යාපනය යනු සමස්ත සමාජයක අයිතියක් බැවින් එය විකිණිම හරහා ලාභ ලැබීමට කිසිවෙකකුටත් අයිතියක් නොමැති වීමයි.
SAITM පන්නයේ ව්‍යාපෘති හරහා ආණ්ඩුව අධ්‍යාපනය විකිණීමේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට උත්සහ කළ සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව නැගුණු ප‍්‍රබල ජනතා විරෝධයන් හමුවේ එම ව්‍යාපෘතිය හකුළා ගැනීමට ආණ්ඩුවට සිදුවිය. Batticoloa Campus යනු එවැනිම අධ්‍යාපනය විකුණන තවත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකි. මේ සම්බන්ධයෙන් මීට පෙර වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයෙන් අප තොරතුරු ඉල්ලා සිටියෙමු. ඒ Batticoloa Campus ආයතනය මෙම අමාත්‍යංශය යටතේ ආරම්භ කරන බවට අදාළ විශ්වවිද්‍යාලය ම`ගින් සිදුකළ ප‍්‍රචාරණ කටයුතු හේතුවෙනි. නමුත් වෘත්තීය පුහුණු අමාත්‍යංශයට Batticoloa Campus නමින් කිසිදු ආයතනයක් සම්බන්ධ නොමැති බවට අප හට ලිඛිතව දැනුම් දී ඇත. ඉන් පසු එම තොරතුරුම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අප ලිඛිතව ඉල්ලා සිටියේ 2018.04.20 දිනැති ලිපියෙනි. නමුත් මේ වෙන තෙක් එම ලිපියට කිසිදු ප්‍රතිචාරයක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අප හට ලැබී නොමැත.
නමුත් පසුගිය කාලසීමාව තුළ මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබ`ද මැති ඇමතිවරුන් සහ එම විශ්වවිද්‍යාලයේ හිටපු සභාපතිවරයා විවිධ අදහස් දැක්වීය. එම අදහස් දැක්වීම් වලින් නිශ්චිතව ප‍්‍රකාශයට පත්වූයේ Batticoloa Campus නමින් ආරම්භ කිරීමට නියමිත ආයතනය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවයි. මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය ගොවි සමිතියක් හරහා තාක්ෂණික විද්‍යාලයක් ලෙස ලියාපදිංචි කර පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට මේ වන විට කටයුතු කර ඇත. ඒ අනුව ආණ්ඩුවේ සහයෝගය ඇතුව ක‍්‍රියාත්මක කිරීමට සැලසෙන මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලයට ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප විරෝධය පළ කරන්නෙමු. එසේම මේ වන විට මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගෙන නියාමනය කිරීමක් යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යන බවටද ආණ්ඩුව මෙන්ම ඇතැම් පාර්ශවද ප‍්‍රකාශ කරන බව දක්නට ලැබිණ. එසේම මෙය ශරියා විශ්වවිද්‍යාලයක් බවට හුවා දක්වමින් මෑතකදී හදිසියේ යම් විරෝධයක් මතුව තිබේ. මෙම විරෝධය මත පදනම්ව ඇතැම් විෂයන් සංශෝධනය කරමින් ඊනියා නියාමනයකට පසුබිමක් ගොඩනැගේ. ඒ තුළින් නියමින් හෝ අනියමින් සිදු වන්නේ මෙම ආයතනයට නීත්‍යානුකූල භාවයක් හිමි වීමයි.

රජය යටතේ හෝ පෞද්ගලික අංශය යටතේ හෝ අධ්‍යාපනය ලැබීමට මුදල් අයකරන්නේ නම් හෝ ජාතිය ආගම මත පදනම්ව අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව තීරණය කරන්නේ නම් හෝ එය නිදහස් අධ්‍යාපන සංකල්පය උල්ලංඝනය කිරීමකි. එම නිසා අප යෝජනා කරනුයේ අධ්‍යාපනය විකුණන Batticoloa Campus ආයතනය වහාම අහෝසි කරන ලෙසයි. එසේ නොමැති වුවහොත් අධ්‍යාපනය විකිණීමට එරෙහි බලවේග ඒකරාශී වූ අරගලයක් පැනනැගීම නොවැළැක්විය හැකි කාරණයකි.”