தமிழ்
English
Contact
Thursday 5th December 2019    
මඩකළපුව පෞද්ගලික වි.විද්‍යාලය ගැන විමසීමට අධ්‍යාපන බලධාරීන් කෝප් කමිටුව හමුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මඩකළපුව පෞද්ගලික වි.විද්‍යාලය ගැන විමසීමට අධ්‍යාපන බලධාරීන් කෝප් කමිටුව හමුවට



මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු විමසීමට රාජ්‍ය ආයතන 4ක ප‍්‍රධානීන් අද (21) කෝප් කමිටුව හමුවට කැඳවා ඇතැයි කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසා තිබේ.

මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ප‍්‍රධානීන්ය.

මඩකලපුව විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වන ආයතනය විශ්ව විද්‍යාලයක්ද, නැතහොත් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක්ද, එසේත් නැත්නම් වෙනත් ආයතනයක්ද, එයට මුදල් ආයෝජනය කර තිබෙන්නේ කවුද, කෙසේද, එහි හිමිකාරිත්වය තිබෙන්නේ කාටද, රාජ්‍ය ආයෝජනයක්ද, පෞද්ගලික ආයෝජනයක්ද, නැත්නම් මිශ‍්‍ර ව්‍යාපෘතියක්ද, රාජ්‍ය මැදිහත්වීමක් තිබේ නම් කොන්දේසි මොනවාද, මෙහි ඉගැන්වෙන පාඨමාලා මොනවාද, ඉඩම් සපයා තිබෙන්නේ කෙසේද යනාදි ගැටලු රැසක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කිරීම මෙම කැඳවීමේ අරමුණ බව හඳුන්නෙත්ති මහතා පැවසීය.

මූලික විමර්ශනයෙන් අනතුරුව මෙම ආයතනයේ ඉදිකිරීම් සිදුකරන බව කියන ඊරා පදනමේ ප‍්‍රධානීන්ද කෝප් කමිටුව හමුවට කැඳවීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කරන ලද විමර්ශනයෙන් පසු සකස් කළ වාර්තාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ සමඟ කරන ලද සාකච්ඡාවකින් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා තිබුනේ ෂරියා විශ්ව විද්‍යාලයකට අනුමැතිය ලබා නොදෙන නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නීති සකසන බවයි.

ෂරියා විශ්වවිද්‍යාලයට අපි අනුමැතිය දෙන්නේ නැහැ. එහෙම බලයකුත් නැහැ. අපට හැකි වන්නේ උපාධි ආයතන අනුමත කිරීමට පමණයි. මෙය ෂරියා විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවට නීතියෙන් ප්‍රකාශයට පත් කළ යුතුයි.

“මෙය ෂරියා විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවට නීතියෙන් ප්‍රකාශයට පත් කළ යුතුයි. මේ සඳහා විශ්වවිද්‍යාල පනතේ 9(අ) කොටස සංශෝධනය කළ යුතුයි. බංගලාදේශ නීතියට අනුව ඒ අය එය හඳුන්වන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ලෙසයි. ආගම, කුලය ගැන සළකන්නේ නැතිව වෙනත් පිළිගත් පදනමක් මත ශිෂ්‍යයන් ඇතුළත් කළ යුතු බව එහි පස්වැනි වගන්තියේ සඳහන් වනවා. “