தமிழ்
English
Contact
Thursday 1st October 2020    
මත්ද්‍රවය ජාවාරමට සම්බන්ධ STF සෙබලු කිහිපදෙනෙක් ගැනත් පරීක්ෂණ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මත්ද්‍රවය ජාවාරමට සම්බන්ධ STF සෙබලු කිහිපදෙනෙක් ගැනත් පරීක්ෂණ



මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සමඟ විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් කිහිප දෙනෙකු සමීපව ඇසුරු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම විශේෂ කාර්ය බලකා නිලධාරීන් රටේ විවිධ ප්‍රදේශවල සේවයේ යොදවා තිබුණද, ඔවුන්ගේ ජ්‍යෙෂ්ට නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකරුවන් සමඟ නිතර වැටලීම්වලට සම්බන්ධ වූ බව ද දැනගන්නට ඇත.

බෝට්ටුවක සේවය කළ පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ වන විට මෙම පුද්ගලයා රහස් පොලිසිය විසින් රඳවා තබා ගැනීමේ නියෝගයක් මත රඳවාගෙන සිටින අතර ඔහුගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතී. මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රවය ප්‍රවාහනය සඳහා ඔහුට රු. මිලියන 10 ක් ගෙවා ඇති බවද පැවසේ.