தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ලක්ෂ 20,050කට වෙච්ච් දෙයක් නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ලක්ෂ 20,050කට වෙච්ච් දෙයක් නැහැ



මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතුවෙන් රුපියල් ලක්ෂ 20,050 ක් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව හිටපු විෂයභාර ඇමතිවරයා විසින් වියදම් කර ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසා තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතුවෙන් ලක්ෂ දාහක් දෙසැම්බර් මාසයේ වැටුප් ගෙවීම සඳහා ලබාගෙන ඇති බවද, පසුගිය වසර එකහමාරක් තුළ විෂය භාර ඇමතිවරයා ලක්ෂ 20,050ක් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව වියදම් කර ඇති බවද ඔහු පැවසීය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම ලක්ෂ 4580ක් බවද වැටුප් ගෙවීම, ආයතන නඩත්තුව ඇතුළු අනෙකුත් කටයුතු සඳහා තවත් ලක්ෂ දාසයදාහක් ගෙවීමට ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගිණුමට විදෙස් ආධාර පවා බැරවන බවද, ඒවා මෙලෙස කිසිදු වගවිභාගයකින් තොරව වියදම් කිරීමෙන් ඒ රටවල්වලට පවා උත්තර දීමට නොහැකි අර්බුදයකට රජය පත්වන බවද ඔහු පැවසීය.

එනිසා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ විසින් කමිටුවක් පත්කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිත්වය දරන්නේ රටේ අගමැතිවරයා බව වාර්තා වේ.