தமிழ்
English
Contact
Friday 27th May 2022    
මනම්පිටිය පරිසරය වැනසීමේ ක්‍රියාදාමයට එරෙහිවූවන්ට මැර ප්‍රහාරයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මනම්පිටිය පරිසරය වැනසීමේ ක්‍රියාදාමයට එරෙහිවූවන්ට මැර ප්‍රහාරයක්!



මනම්පිටිය වැලි මංකඩ පාරිසරික හානියට ඒරෙහිව මැදිහත් වූ පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.
දේශපාලන බලය අනුව වැලිමංකඩ අත්පත් කර ගැනීමට පැමිණි මැරවරයන් විසින් ඊට එරෙහි වූ වැලි කැණීම් සේවක සංගමයේ සාමාජිකයන්ට හා පෙ.සප. ක්‍රියාකාරීන්ට පහරදී ඇත.

වැලිමංකඩ යලි පවරා ගැනීමට අගමැති කාර්යාලයේ ලිපියක් රැගෙන පැමිණි පිරිසක් උත්සාහ ගැනීම නිසා ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබේ. සේවක වෘත්තිය සමිතියේ මැදිහත්වීමෙන් මෙම හදිසි කඩාවැදීම සම්බන්ධව විරෝධය පළකර ඇත. එහිදී සේවකයන් විරෝධතා දක්වන විට මේ ප්‍රහාරය එල්ල කර ඇත.
මෙම සේවක විරෝධතාව අවස්තාවේ ඊට සහාය පළකරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පෙ.ස.ප. මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා ඇතුළු කිහිප දෙනකු මෙම මැර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇත.
ඇමති රෝෂාන් රණසිංහගේ ආධාරකරුවන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බව වැලිමංකඩ සේවකයෝ චෝදනා කරති.

උද්ඝෝෂණයට ප්‍රහාර එල්ලවීමෙන් පසුව
ඉන්ද්‍රානන්ද සිල්වා රෝහල්ගතකර සිටියදී