தமிழ்
English
Contact
Monday 26th October 2020    
මන්ත්‍රීධූරය බෙදාගන්න උසාවි යනවා - රතන හිමි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මන්ත්‍රීධූරය බෙදාගන්න උසාවි යනවා – රතන හිමි



ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පත්කිරීමේ බලය ඇත්තේ තමන්ට බව පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.
අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිමියන් මේ බව සඳහන් කළහ.

එහිදී අදහස් දැක්වමින් රතන හිමියන් පැවසුවේ අපේ ජන බල පක්ෂය, නීත්‍යානුකූල ගිවිසුම් මගින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පත්කිරීමේ බලය තමන් වෙත පවරා ඇති බවය.

මෙවැනි තත්ත්වයක් මත ගැටලුව නිරාකරණය කිරීමට විවිධ පාර්ශ්ව මගින් සිදුවෙන බලපෑම් හේතුකොට ගෙන අධිකරණයට ගොස් ගැටලුව නිරාකරණය කරගැනීම සුදුසු එකම පියවර බව රතන හිමි පැවසුහ.

අපේ ජන බල පක්ෂය ලේකම් ලෙස හඳුන්වන වෙදිනිගම විමලතිස්ස හිමියන් විසින් මන්ත්‍රීධූරය ඉල්ලා මැතිවරණ කොමිසමට ලිපියක් යැව්වත්, අර්බුදය හමුවේ ඥානසාර හිමියන් නම් කිරීමත් මගින් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවත් රතන හිමි සඳහන් කර තිබේ.