தமிழ்
English
Contact
Friday 16th November 2018    
මන්නාරම සමූහ මිනිවලෙන් මිනිස් සිරුරු 232ක අස්ථි කොටස් ගොඩ ගනියි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මන්නාරම සමූහ මිනිවලෙන් මිනිස් සිරුරු 232ක අස්ථි කොටස් ගොඩ ගනියි!



මන්නාරම ප්‍රදේශයෙන් හමුවු සමූහ මිනීවලේ කරන කැනීම්වලින් කැනීම්කර අනාවරණය කරගත් අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණ කර කාලනිර්ණය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට යැවීමට කටයුතු කරන බව එම කැනීම් මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ පවසයි.

අද (07) උදෑසන වන විට එම සමූහ මිනිවලෙන් සිරුරු 232 ටෙ අයත් අස්ථි හමුවී ඇති බවද ඔහු ජනමාධ්‍ය හමුවේ අනාවරණය කළේය. මන්නාරම් සමූහ මිණීවලෙන් හමුවූ සිරුරු කොටස්හි කාල නිර්ණය කිරීම සඳහා අස්ථි කොටස් ඇමරිකාවට යැවීමේ කටයුතු සඳහා අවසරය ඉතා ඉක්මනින් ලැබිය හැකි බවට විශ්වාසය පළ කරමින් බොහෝ දුරට ඉදිරි දෙසැම්බර් මාසයේදී එම අවසරය ලැබෙනු ඇති බවට කැනීම් භාර විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු අද වන විට 102 වන දිනට සිදු කෙරෙන අතර ගොඩගත් සිරුරු 232න් සම්පූර්ණ සිරුරු කොටස් 224 කට අදාළ සිරුරු අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවට අධිකරණ වෛද්‍යවරයා සඳහන් කළේය.