தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
මමයි ඔරිජිනල්, මෝඩි ඩුප්ලිකේට් නායකයෙක්! - අභිනන්දන් පතක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මමයි ඔරිජිනල්, මෝඩි ඩුප්ලිකේට් නායකයෙක්! – අභිනන්දන් පතක්



නියම නායකයා තමන් බවත්, මෝදි තමන්ට සමාන අයකු බවත් ඉන්දිය මහමැතිවරණ ප්‍රචාරක සටනේ යෙදෙන අගමැති මෝදිට සමාන පෙනුමක් ඇති අබිනන්දන් පතක් පවසයි.

ශාරීරික ස්වභාවයෙන් මෙන්ම, අඳින පළඳින ආකාරයෙන්ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙන් පෙනෙනෙ අබිනන්දන් පතක් 2014 වසරේදී මෝදිට සහාය දුන් අයකුයැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. පසුගිය අවස්ථාවේ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර අගමැති ධුරයට පත්වූ මෝදි ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වූ නිසා තමන්ට ඉදිරියට එන්නට සිදුව ඇතැයි අබිනන්දන් පතක් කියයි. “මෝදි ගැන ජනතාව කෝපයෙන් ඉන්නේ. මම යන හැම තැනකදීම ඒක දැනෙනවා” යැයි 58 හැවිරිදි පතක් කියයි.  අගමැති මෝදි ඇවිදින ආකාරයට ඇවිදින පතක් මේ වනවිට මැතිවරණ රැලිවලට එක්ව සිටින අතර ඔහුට ආරක්ෂකයකු සිටී. පතක් මෝදිගේ අසාර්ථක ප්‍රතිපත්ති සහ ඔහු ඉටු නොකළ පොරොන්දු විවේචනය කරමින් මැතිවරණ රැලිවලට එක්ව සිටී.