தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
මම පරිසරවේදියෙක් නෙවෙයි, ඒත් වාරකන් කාලෙට මුහුදු ජීවින් මිය යනවා - නාලක ගොඩහේවා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මම පරිසරවේදියෙක් නෙවෙයි, ඒත් වාරකන් කාලෙට මුහුදු ජීවින් මිය යනවා – නාලක ගොඩහේවා



මේ දිනවල කැස්බෑවන්, ඩොල්ෆින්, මත්ස්‍යයන් වැනි මුහුදු ජීවි මලසිරුරු විශාල ප්‍රමාණයක් වෙරළට ගොඩගසා තිබීම වාරකන් කාලය නිසා සිදුවන්නක් විය හැකි බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා මේ අන්දමින් අදහස් ප්‍රකාහ කලේ පසුගිය දිනවල Xpress Pearl නැවේ ගින්නෙන් පසුව කැස්බෑවන් හා ඩොල්ෆින් ඇතුලු මුහුදු ජීවින්ගේ සිරුරු වෙරළට පාවීම සම්බන්ධව අදහස් පළ කරමිනි. අසාමාන්‍ය ආකාරයෙන් වර්ණය වෙනස්වීමෙන් හා ඉදිමීමෙන් මෙන්ම මුව විවෘතකරගත් සිරිරු මෙවැනි ආකාරයට වෙරළට ගාඩගැසීමේ හේතුව නැවේ ගින්න මෙන්ම රසායන ද්‍රව්‍ය නිසා මුහුදු ජලයේ දූෂිත තත්වය බවට අනුමාන කෙරේ. වෙරළට ගොඩ ගැසූ සත්ව සිරුරුවල පටක සාම්පල රස පරික්ෂක වෙත යවන ලද නමුත් තවමත් මෙම මලසිරුරු සම්බන්ධ වාර්තා ප්‍රකාශයට පත්කර නැත.

වෙරළ සංරක්ෂන විෂය බාර ඇමතිවරයා තමන් පරිසරවේදියකු නොවන බව කියමින් පවසන්නේ මෙසේ සතුන් මිය යාම වාරකන් කාලයේ සිදුවන්නක් බවය. Xpress Pearl නැවට අදාළ විනාශය සම්බන්ධ වගකිව යුතු පියවර ගැනීමේදී ප්‍රමාදවීම් හා නොසළකා හැරීම් නිසා වන්දියක් පවා ගැනීමට ලංකා රජය අපොහොසත්ව සිටින නමුත් සත්ව මරණ සම්බන්ධයෙන් කිසිදු පරික්ෂනාත්මක සාධකයක් නිකුත් වීමටත් පෙර ඇමතිවරයා මාධ්‍ය හමුවේ නිර්භිත ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව දක්නට ලැබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත.් කිරිමේ හා වත්මන් ආණ්ඩුව පිහිටුවීමේ දරදිය ඇදි ‘වියත්මග’ නමැති කන්ඩායමේ ප්‍රමුඛ කාර්යබාරයක් නාලක ගොඩහේවා විසින් ඉටු කරන ලදී.