தமிழ்
English
Contact
Friday 29th May 2020    
මරණ තර්ජන ඇතැයි ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මරණ තර්ජන ඇතැයි ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්



තමාට කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට පැමිණ ඊයේ (28) පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

මරණීය තර්ජන එල්ල වී ඇති හෙයින් තමාට ආරක්ෂාවක් ලබාදෙන ලෙසට ශානි ඉල්ලීමක්කර ඇති බවද වාර්තා වේ.

ශානි අබේසේකර වින්දිතයින් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට මෙම පැමිණිල්ල කිරීමට ප‍්‍රථම මේ ගැන වැඩබලන පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇති බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක සමඟ අධිකරණයේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සංවාදයේ යෙදුණු බව කියන සිද්ධියක් මුල්කරගනිමින් ශානි අබේසේකර මීට සති කිහිපයට පෙර වැඩ තහනමට ලක් කෙරිණි. නව ආණ්ඩුව පත්වූ වහාම ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් පත්කර තිබුණි.