Posted on 06.24.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට පමණක් ජනාධිපති සමාව හිමි වීමෙන් පසුව මරණ දඩුවම නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 70 දෙනෙකු ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ අද (24) දහවල් සිට මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත වී සිටින බවය. ඔවුන් විසින් තමන්ට හිමිව ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා සිටින බව දැනගන්නට ඇත.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිරගත කර සිටි සැකකරුවන් ඇතුළු 16 දෙනෙකු ඇතුළු රැඳවියන් 93 දෙනෙකුට අද විශේෂ ජනපති සමාව යටතේ නිදහස ලබාදීම සිදු විය.