தமிழ்
English
Contact
Wednesday 12th August 2020    
මරණ සහතික ලබා දී අතුරුදන් කිරීම් යටපත් කිරීමට එරෙහි වෙමු - සම අයිතිය ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මරණ සහතික ලබා දී අතුරුදන් කිරීම් යටපත් කිරීමට එරෙහි වෙමු – සම අයිතිය ව්‍යාපාරය



පසුගිය කාලයේ අතුරුදන්වූවන්ට මරණ සහතික ලබාදීමෙන් ආණ්ඩුව, සියලු සාපරාධි පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් යට ගැසීමේ උත්සාහයක නිරතවන බව ‘සම අයිතිය ව්‍යාපාරය‘ චෝදනා කරයි.

රට තුළ කිසිඳු අතුරුදන්වීමක් සිදුවී නැති බවත්, අතුරුදහන්වූවන් ලෙස සැලකෙන්නේ එල්ටීටීඊ සංවිධානය විසින් බලහත්කාරයෙන් පැහැරගත් හා යුද්ධයේදී මියගිය අය බවත් කියමින් සියලු අතුරුදන්වූවන් සඳහා මරණ සහතික දීමට රජය සූදානම් බවත් පසුගියදා ජනාධිපතිවරයා විසින්ද ප‍්‍රකාශ කර ඇත.

මෙම තීරණය යනු, යුද සමය තුළ හා ඉන් පසුව රට පුරා සිදුව ඇති පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම් සම්බන්ධ සිදුවීම් යටගැසීමේ උත්සාහයක් බව පැහැදිලි බව සම අයිතිය ව්‍යාපාරය අද(9) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ එහි සංවිධායක සංජීව බණ්ඩාර විසිනි. රජයට හා ආරක්ෂක අංශවලට පුද්ගලයන් බලහත්කාරයෙන් රඳවා තබාගැනීම හා පසුව අතුරුදන් කිරීම පිළිබඳ සෘජුවම චෝදනා එල්ලවී ඇත. අතුරුදහන් කළ මාධ්‍යවේදීන්, යුද්ධයෙන් පසු රජයේ ඉල්ලීම මතදෙමාපියන් හා ඥාතීන් විසින් ආරක්ෂක අංශ වෙත බාරදෙන ලද අය හා රැඳවුම් කඳවුරුවල සිටි බවට පැහැදිළි සාක්ෂි ඇති දැනට අතුරුදහන්ව ඇති බව නිශ්චිතව චෝදනා කර තිබේ. ලලිත් හා කූගන් යන දේශපාලන ක්‍රියාකාරින් දෙදෙනා, මෑතක මාලිගාවත්ත හා මට්ටක්කුලිය වැනි ප‍්‍රදේශවලදී අතුරුදහන්ව ඇති තරුණයන් ඝාතනය කර ඇති බව ආණ්ඩුව මෙම තීරණයේදී පිළිගෙන ඇත.

එහෙත් තමන්ට සමීප ඥාතින් හිත මිතුරන් මරණයට පත්වී නම් එය කෙසේ සිදු වූයේද යන්නත් එම මරණය සිදුවූයේ කෙසේද යන්නත් ගැන දැනගැනීමට ඔවුන්ට අයිතියක් තිබේ. එහෙත් එවැනි කරුනු සම්බන්ධව කිසිදු අනාවරණයක් නොකර, ප්‍රශ්නය යට ගසමින් ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇත. ජනාධිපතිවරයා මෙම තීරණය සියල්ලටම පෙර පවසා ඇත්තේ එයින් පිටස්තර අදහසක් ආණ්ඩුවේ සෙස්සන්ටද නොමැති නිසාය.

මානව නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලු දෙනා මෙම තීරණයට එරෙහිව නැගී සිටි යුතු අතර එසේ නොවීම තුළ සිදුවන්නේ රජපක්ෂ පාලනයට 2015 ට පෙර පවත්වාගෙන ගිය මර්දනකාරී පාලනය හා රාජ්‍ය ත‍්‍රස්තවාදය පවත්වාගෙන යාමට අනුබල දීමකි.
සම අයිතිය ව්‍යාපාරය ලෙස මෙම තීරණයට එරෙහිව  විරෝධය පලකිරීමටත්, එම තීරණයට එරෙහිව පෙබරවාරි 11 වන දින දහවල් 12.00ට කොළඹ ගෝල් ෆේස් පිටියේදී විරෝධතාවක් කැඳවා ඇත.