தமிழ்
English
Contact
Saturday 16th January 2021    
මර්දනකාරී පුවත්පත් මණ්ඩලය යළිත් සක්‍රිය කිරීමට ආණ්ඩුව තීන්දු කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මර්දනකාරී පුවත්පත් මණ්ඩලය යළිත් සක්‍රිය කිරීමට ආණ්ඩුව තීන්දු කරයි!



(TopNews) ජනවාරි 4 වැනිදා සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුද්‍රිත මාධ්‍ය මර්දනය කිරීමේ කුප්‍රකට අතීතයක් හිමි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය නව අවශ්‍යතා අනුව සංශේධනය කිරීමේ අදහස් සාකච්ඡාවට ලක්වී ඇත.

1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ පත්කරනු ලබන එහි ක්‍රියාකාරිත්වය 2003 වසරේදී අක්‍රියභාවයට පත් විය. එහෙත් 2005 මහින්ද රාජපක්ෂ පාලනය යටතේ නැවත සක්‍රිය කිරීමක් සිදු වූ මෙම මණ්ඩලය, දැනට පුවත්පත්වල ක්‍රියාකාරකම් පමණක් නියාමනය කිරීමට නෛතික බලයක් හිමිකරගෙන ඇති අතර වෙනුවට විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය යන සියලුම අංශ දක්වා පුළුල් කිරීම සඳහාද කැබිනට් ඇමති මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව පොදුජන පෙරමුණු ආණ්ඩුවේ මර්දනකාරී අවශ්‍යතාවන්ට ගැළපෙන
ආකාරයට මෙම පැරණි නීතිය සංශෝධනය කෙරෙනු ඇත. ඒ වෙනුවෙන් සංශෝධන පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමටත් කැබිනට් මණ්ඩලය ජනමාධ්‍ය අමාත්‍යාංශයට අවසර ලබාදී ඇත. කෙසේවෙතත් මේ සම්බන්ධ මහජන අදහස් විමසීමක් සිදුකරන බව ජනමාධ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පවසා ඇත.