Posted on 07.07.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනතාවට පා පහර දෙන පෝලිම්වල සිටින ජනතාව මත කඩා පනින ආරක්ෂක අංශ සාමාජිකයන්ට බලපෑම් කරන සමාජ මතයක් ඇති කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
මේ වන විට ආණ්ඩුව විසින් සිවිල් කටයුතුවලට සන්නද්ධ භටයන් යොදවමින් ජනතාව හා සොල්දාදුවන් අතර ගැටුමක් නිර්මාණය කිරීම හරහා මර්දනය ක්‍රියාත්මක කරමින් සිටින නමුත් පාලකයන්ගේ එම උගුලට හසු නොවී, ආරක්ෂක භටයන් වෙත සමාජ බලපෑමක් ඇති කරන මතයක් ඇති කළ යුතු බව අද ප්‍රකාශ කරනු ලැබුවේ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසිනි.
ආරක්ෂක හමුදා සාමාජිකයන්ට පොලිස් නිලධාරින්ට, ආණ්ඩුවට අවශ්‍ය ලෙස මර්දනය ක්‍රියාත්මක කරවමින් උපයන මුදලින් තමන් පෝෂණය කිරීම නොකරන ලෙස පවුලේ සමීපතමයන් විසින් බලපෑම් කළ හැකි බවත් ඔවුන්ගේ හිත මිතුරන් විසින්ද මෙම බලපෑම කළ යුතු බවත් පුබුදු ජයගොඩ පැවසීය.
සමාජයක අරමුණු වෙනුවෙන් සිදුවන අරගලයක් මර්දනය කිරීමට මෙන්ම තෙල් පෝලිම්වල හෝ එවැනි පීඩාකාරී අවස්ථාවල සිටින ජනයා ආණ්ඩුවේ අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රකෝප කිරීමේ නොයෙදෙන ලෙස එම බලපෑම කළ යුතු බව ඔහු කියා සිටියේය.