தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කළ බව ගැන දන්නෙ නෑ -දළදාවේ ආශිර්වාද ගන්න ගිය බැසිල් කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කළ බව ගැන දන්නෙ නෑ -දළදාවේ ආශිර්වාද ගන්න ගිය බැසිල් කියයි



ආණ්ඩුවේ කාබනික පොහොර ඇනවුමක් සම්බන්ධ ගැටලුව නිසා මෙරට චීන තානාපති කාර්යාලය විසින් ‘මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කිරීම’ සම්බන්ධ තමන් දන්නේ නැති බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පවසයි.

මුදල් ඇමතිවරයා යටතේ පවතින මෙරට ප්‍රධානතම රාජ්‍ය බැංකුවක් අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට චීනය කටයුතුකළ පසුව ඒ ගැන දන්නේ නැති බව මුදල් ඇමතිවරයා පවසා ඇත්තේ මාධ්‍යවේදින් කළ විමසීමකදීය.
මුදල් ඇමතිවරයා මේ ආකාරයෙන් ‘තොත්ත බබා’ පිළිතුරක් ලබාදී ඇත්තේ ඉදිරි අයවැය වෙනුවෙන් ‘දළදාවේ ආශීර්වාද ලබාගැනීමට’ ගිය අවස්ථාවේ බව මාධ්‍ය වාර්තා පවසයි.