Posted on 01.19.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහජන මුදලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට ප්‍රචාරයක් ලබාධීම සම්බන්ධ නඩුව ඉදිරියට ගෙනයාම සම්බන්ධ තීන්දුවක් පෙබරවාරි 1 වැනිදාට ප්‍රකාශයට පත්වීමට නියමිතය.
2015 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකුව තරග කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව ඇතුළත් කොට මුද්‍රණය කරවා තිබුණු මෙම ලිත ජනාධිපතිවරණ සමයේ රට පුරා බෙදා හැර තිබිණි.
‘දිවි නැඟුම’ දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළ බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව මෙම නඩුව ගොනුදර තිබිණි. නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නේද? ඔවුන් වෙනුවෙන් සාක්කි කැඳවන්නේදැයි නියෝගය ලබන මස පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද දැනුම් දුන්නේය.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා දැනුම් දීමෙන් අනතුරුව විත්ති වාචක කැඳවීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා විනිසුරුවරයා එලෙස දින නියම කළේය.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක ය.