Posted on 01.13.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියකු හරහා අළෙවි කිරීමෙන් පසු එම පුද්ගලයා එමගින් උපයාගත් රුපියල් මිලියන 673 ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලබා දී නොමැති වග පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින පාලිත සමාගම්හි සුරැකුම්පත් ගණුදෙනු තුළින් ප්‍රමාණවත් ප්‍රාග්ධන ප්රතිලාභ නොලැබීම හේතුවෙන් 2015 සහ 2016 වර්ෂ වලදී පිලිවෙලින් රුපියල් මිලියන 18ක හා රුපියල් මිලියන 102 ක අලාභයක්ද, 2017 වර්ෂයේ නැෂනල් වෙල්ත් සංස්ථාවේ ආයෝජන උපයෝගී කොට ගෙන කළ ප්‍රති මිලදී ගැනීම්වල ගණුදෙනු තුළ රුපියල් මිලියන 13ක අලාභයක් සිදුවී තිබෙන බවද පෙන්වා දුන් කෝප් කමිටුව මෙම අක්‍රමිකතා හේතුවෙන් අරමුදලට මහත් වූ අලාභයක් සිදුව ඇති බව ද මෙහිදී හෙළිව ඇත.
කෙසේවෙතත් මෙවැනි බරපතල වංචාවන් සිදුව තිබියදී එයට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීම පසෙක තබා මෙම ආයතන තවදුරත් පාඩු මත පවත්වාගෙන යාම අනවශ්‍ය බව පවසමින් එය ඈවර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ලබාදී තිබේ.