தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
මහපොළ පනතත් සංශෝධනය කිරීමට සැරසෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහපොළ පනතත් සංශෝධනය කිරීමට සැරසෙයි



අගවිනිසුරුවරයාගේ සභාපතීත්වයෙන් පවත්වාගෙන ආ මහපොළ භාරකාර අරමුදල් පනතේ ස්වාධීනත්වය අහිමි කෙරෙන අන්දමින් සංශෝධනය කිරීමට සැරසෙන බව වාර්තා වේ.

දැනට රුපියල් කෝටි 1200කට අධික මුදලක් මෙම අරමුදලෙහි පවතියි. 1981 අංක 66දරණ මහපොළ භාරකාර අරමුදල් පනත වෙනස් කිරීමට පිටුපස මෙම මුදල් ලබා ගැනීමේ අරමුණද පවතින බව වාර්තා වේ.

මෙම අරමුදල හරහා උසස් අධ්‍යාපන ලබන අඩු ආදායම් ලාභී සිසුන් රැසකට ප්‍රතිලාභ හිමිවෙන අතර මෙය විවිධ අරමුණු සඳහා යොදා ගැනීමට අවස්ථා ගණනාවකදී විවිධ ආණ්ඩු උත්සාහ දරා ඇත. පසුගිය වසරේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා මහපොල භාරකාර අරමුදලේ මුදල් යෙදවීමේ තතක්ද ක්‍රියාත්මක විය.