தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
මහපොළ වැඩිකරනවා කිව්වෙ මහමැතිවරණයත් අවසන, අයවැයෙන් පස්සෙලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහපොළ වැඩිකරනවා කිව්වෙ මහමැතිවරණයත් අවසන, අයවැයෙන් පස්සෙලු!



මහපොළ වැඩි කිරීමේ හැකියාවක් නුදුරේදී නොමැති බව ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක සහ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.

අද (15දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට හිමි මහපොළ ශිෂ්‍යත්ව දීමනාව සම්බන්ධ ඇතුලු විශ්වවිද්‍යාලවල ගැටලු ඉදිරිපත් කරමින් පසුගියදා ජනාධිපතිවරයාට ලිපියක් භාරදීමට ගිය ශිෂ්‍ය ව්‍යාපාරයේ නියෝජිතයන්ට ජනාධිපති ලේකම් කාර්යාලෙයන් ලබාදුන් පොරොන්දු අතර මහපොළ දීමනාව ඉහළ දැමීමද විය. එහෙත් ඇමති මණ්ඩල රැස්වීමේදී දුන් තීරණයක් ලෙස අධ්‍යාපන ඇමතිවරා පවසන්නේ එවැනි මහපොළ දීමනා ඉහළ දැමීමක් කළ නොහැකි බවය. මේ වන විට රටේ වියදම් වෙනුවෙන් අයවැයක් සම්මත කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නොමැතිකම නිසා දැනට ක්‍රියාත්මක වන්නේ අතුරු සම්මත ගිණුමක් බවද ඒ අනුව, මහපොළ දීමනාව වැඩි කිරීමේ අවස්ථාවක් නොමැති බව ඇමතිවරයා පවසා තිබේ. කෙසේ වෙතත් මේ වන විට හිඟව ඇති මහපොළ ගෙවීම් සියල්ම ගෙවා දැමීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (14දා) සියලු ප්‍රතිපාදන ලබාදුන් බවත් ඔහු පැවැසීය.

මහපොළ වැඩිකිරීම ඉදිරි අයවැයක් හරහා සිදුකරන්නට හැකිවනු ඇති බවත් මේ වන විට නුසුදුසු අයට මහපොළ ලැබී ඇති බවත් එම ගැටලු අවම කිරිම සඳහා කමිටුවක් පත්කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එපමණක් නොව, මහපොළ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු කටයුතු කිරීමද අහෝසිවන ආකාරයට මහපොළ පනත සංශෝධනය කරන බවත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කළේය.