தமிழ்
English
Contact
Tuesday 27th October 2020    
(Update) මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත ඉහළ යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

(Update) මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත ඉහළ යයි!



අද(5) පැවති මහමැතිවරණයේදී පස්වරු 5.00වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ තත්වයේ වර්ධනයක් පෙන්නුම්කර ඇත.
2019 ඡන්දහිමි නාමලේඛනය අනුව, ඡන්ද දායකයන් ලෙස ලියාපදිංදිව සිටින 16,263,885ක් දෙනා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක අපේක්ෂකයන් 7452ක් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටියේ දේශපාලන පක්ෂ 20ක් හා ස්වාධීන කණ්ඩායම් 34ක් නියෝජනය කරමිනි.
මැතිවරණ කොට්ඨාශ 160ක් ඇති මෙම මැතිවරණ දිස්ත්‍රික්කවලදී නියෝජිතයන් 190ක් ඡන්දදායක මනාපයෙන් තේරී පත්වන්නට නියමිතය.
පස්වරු 5.00වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත ලෙස නිල වශයෙන් වාර්තාවන ආකාරය මෙසේය.

නුවරඑළිය 75%
බදුල්ල 74%
ත්‍රිකුණාමලය 74%
මොනරාගල 74%
වන්නි 73%
රත්නපුර 73%
හම්බන්තොට 73%
කොළඹ 72%
දිගාමඩුල්ල 72%
මඩකලපුව 72%
පොළොන්නරුව 71%
කෑගල්ල 71%
මාතර 71%
කළුතර 71%
මාතලේ 71%
මහනුවර 71%
අනුරාධපුරය 71%
ගාල්ල 69%
කුරුණෑගල 69%
ගම්පහ 69%
යාපනය 64%
පුත්තලම 63%

මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී ප්‍රතිශතය 60%ක් – නිල නොවන වාර්තා

අද(5) මහමැතිවරණයේ ඡන්ද ප්‍රකාශ වී ඇති ආකාරය සම්බන්ධ ප්‍රතිශත අනුව ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්දදායක ජනතාවගෙන් විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ නැති බව වාර්තා වේ.
අද පෙරවරු 7.00ට ආරම්භ වූ 2020 මහමැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කාලය පස්වරු 5.00ට අවසන් විය.
දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්කවලින් ඉහළම ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතය ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70%ක් වන අතර දැනට අවම ඡන්ද ප්‍රකාශිත දිස්ත්‍රික්කය ලෙස වාර්තා වන්නේ පොළොන්නරුවේ 55ක ප්‍රතිශතයකි..
දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවල පස්වරු 4.00වනවිට නිල නොවන වාර්තා අනුව, ඡන්දය ප්‍රකාශ වූ ප්‍රතිශතාත්මක ආකාරය මෙසේය.
රත්නපුර 70%
ත්‍රිකුණාමලය 69%
මඩකලපුව 69%
මාතලේ 68%
දිගාමඩුල්ල 68%
කෑගල්ල 67%
කිලිනොච්චි 67%
මහනුවර 65%
මොණරාගල 65%
ගම්පහ 62%
හම්බන්තොට 62%
පුත්තලම 60%
කොළඹ 60%
ගාල්ල 60%
කළුතර 60%
යාපනය 57%
පොළොන්නරුව 55%
මෙම ප්‍රතිශත පස්වරු 5.00ට ගනන් බැලු විට මෙයට වඩා ඉහළ අගයක් ගත හැකි බව සැළකිය යුතුය.