Posted on 01.08.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) මහර බන්ධනාගාර වෙඩිතැබීමේදී මියගිය රැඳවියන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව අධිකරණ වෛද්‍යවරුන්ගෙන් යුතු විද්වත් මණ්ඩලයේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ.
2020 නොවැම්බර් 29 වැනිදා මහර බන්ධනාගාර රැඳවියන්ගේ විරෝධතාවට වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව, එම මරණ සිදුව ඇති ආකාරය සම්බන්ධ විවිධ අදහස් ආණ්ඩුවේ ඇමතිවරු මෙන්ම පොලිස් මාධය ප්‍රකාශක විසින් ප්‍රසිද්දියේ පළකරනු ලැබුවේ කිසිදු විමර්ශනයක් කිරීමටත් පෙරාතුවය.
විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ප්රචන්ඩත්වය ඇති වූ බවට විමල් වීරවංශ ඇමතිවරයා ප්‍රකාශ කළ අතර ඖෂධ ගබඩාව කඩා දැමීම පසුපස ඇත්තේ එම පෙති ලබාගැනීම බවට මත පළ විය. බන්ධනාගාර කළමනාකාර රාජ්‍ය ඇමති ලෙස පත් කළ ලොහාන් රත්වත්තේ පැවසුවේ මෙම සිදුවීමේදී රැදවියන් එකිනෙකා පහරදීමෙන් මරණයට පත්ව ඇති බවය.
මේ නිසා ඇමතිවරු මෙන්ම රජයේ ප්‍රකාශකයන් වෙඩි තැබීමෙන් සිදුකළ සාපරාධී ඝාතන 11ක් වසන් කිරීමේ අරමුනින් බොරු ප්‍රකාහ ප්‍රසිද්ධියට පත් කළ බව සනාථ වේ. නීතිය ක්‍රියාත්මකවන රටකදී නම්, ඔවුන් අපරාධ නීතිය යටතේ චෝදනා ලබා අධිකරණය හමුවට ගෙන යායුතුව ඇත.