தமிழ்
English
Contact
Sunday 17th January 2021    
මහර වෙඩි ප්‍රහාරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැකීමට සාක්ෂි වසන් කිරීමක් වියහැකියි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහර වෙඩි ප්‍රහාරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැකීමට සාක්ෂි වසන් කිරීමක් වියහැකියි!



මහර බන්ධනාගාරයේ නොවැම්බර් 29 වැනිදා සිදුවු විරෝධතාවයේදී වෙඩි තබා ඝාතනය කෙරුණු 11 දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවන් බැවින් ඔවුන් මරා දැමීම කිසියම් සාක්ෂි වසන් කිරීමක්දැයි සැක මතුව තිබේ.

පොලිසිය පවසන ආකාරයට මෙම සැකකරුවන් 11 දෙනාගේ මලසිරුරු ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ සිදුකර ඇත.
මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ පොලිසිය විසින් ලබාගෙන ඇති වීඩියෝ පටයක කොටසක් මාධ්‍ය වෙත නිකුත්කර තිබුණු අතර ඒ වීඩියෝ පඨයේ හඬපටය ඉවත්කර සංගීත නාදයක් යොදා තිබී ඇත. පසුව කිසිවකු විසින් හඬ පටයද සමග සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණු වීඩියෝ පටයේ යම් යම් රැඳවියන්ට ද්වේශ සහගත හැඳින්වීම් සිදුකරමින් ඔවුන්ට වෙඩි තබන ලෙස පවසන කටහඬ අඩංගුව තිබේ. පුද්ගලයන් තෝරා වෙඩිතැබීමක් කළ බවට එයින් සාක්ෂි ලැබෙන නිසා මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝ පටයේ හඬපටය ඉවත්කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරු වී ඇත.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධ සැකකරුවන් යනු කිසියම් මත්‍ද්‍රව්‍ය ජවාරම් හිමි ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ඉටුකරන සාමාන්‍ය අතරමැදියන්වන අතර ඔවුන් ජාවාරම සම්බන්ධ රහස් ආරක්ෂා කිරීමට ගිවිසගෙන සිටී. කිසියම් අවස්ථාවක එකී ජාවාරම් හිමිකාරත්වය අනාවරණය කිරීම යනු ඔවුන්ගේ ජීවිතය අවසන්වීමට හේතුවක් බව ප්‍රකට කාරණයකි. මන්ද යත් ජාවාරම් හිමිකරුවන් විසින් අපරාධකාරී කල්ලි නඩත්තු කරමින් සිය අවශ්‍යතා සපුරාගන්නා බැවිනි.

බලවත් දේශපාලන සබඳතාවලට මෙන්ම බන්ධනාගාර නිලධාරින්, පොලිස් නිලධාරින් වෙත අල්ලස් දෙමින් ගෙනයන ජාවාරම්වලදී මිනිස් ජීවිත ව්‍යාපාරිකයන් අත නැටවෙන රූකඩ බව ප්‍රකට කාරණයක් නිසා මහර රැඳවියන් 11 දෙනා කිසියම් ජාවාරම්කාර ධනකුවේරයන් හා දේශපාලකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් බිලි දුන්නාදැයි සැකයක් මතුව තිබේ.