தமிழ்
English
Contact
Sunday 20th January 2019    
මහින්දට එරෙහි විශ්වාසභංගයට TNA සහාය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්දට එරෙහි විශ්වාසභංගයට TNA සහාය!



මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන්ට දිවුරුම් දීමෙන් පසුව ඔහු එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කරයි.
අද(3) දෙමළ ජාතික සන්ධානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් කර ඇත. රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාදාමය හා නව අගමැතිවරයකු පත්කිරීම යන සියල්ල නීති විරෝධී බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි එම ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදයට හා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානිදායක වත් එම හේතු මත මෙම තීරණය ගත් බවද එම සන්ධානය අවධාරණය කරයි.
ඉහත ක්‍රියාමාර්ග නිසා හටගෙන ඇති දේශපාලන අර්බුදය පිළිබද දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම නොවැම්බර් 2 වැනිදා පස්වරුවේ රැස්ව මෙම තීරණවලට එළඹූණු බව මාධ්‍ය නිවේදනයෙන් සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට එරෙහිව කථානායක කරු ජයසුරිය වෙත විශ්වාස භංග යෝජනාවක් හිටපු සභානායක ලක්‍ෂමන් කිරිඇල්ලගේ අත්සනින් ඊයේ දිනයේ භාර දී තිබේ.