Posted on 06.19.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකාව පරාජය ලැබූ 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී පාවාදීමක් සිදුවී ඇතැයි කිසිවෙක් චෝදනා කරන්නේ නම් එම පාර්ශ්ව ඒ බව සනාථ කෙරෙන සාක්ෂි අයි.සී.සී.යට ඉදිරිපත් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ලෝක කුසලාන අවසන් තරඟය සම්බන්ධයෙන් ඊයේ (18) කර තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්ය.
2011 ලෝක කුසලාන අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුම්බායිහි වැන්කේඩ් ක්‍රීඩාංගණයේ පැවති අතර එම තරගය කඩුලු 06 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණි.
එම තරඟයේදී මුදලට පාවා දීමක් වී ඇතැයි තමාට ලැබුණු තොරතුරු අනුව තමා විශ්වාස කරන බව එවක ක්‍රීඩා අමාත්‍යධුරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හිටපු ක්‍රිකට් නායකයින් වන කුමාර සංගක්කාර මෙන්ම මහේල ජයවර්ධන ද සිය ට්ව්ටර් ගිණුම්වල සටහන් තබා තිබුණි.
මහේල ජයවර්ධන සඳහන් කර තිබුණේ මැතිවරණ ආසන්නයේදී සන්දර්ශන ආරම්භ වී ඇති බවය.
නම් සහ සාක්ෂි තිබේද යන්න ඔහු එහි ප්‍රශ්න කර තිබේ.
අනතුරුව ට්ව්ටර් සටහනක් තබමින් කුමාර සංගක්කාර පවසා තිබුණේ හිටපු අමාත්‍යවරයා ඔහුගේ සාක්ෂි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ දූෂණ විරෝධි ඒකකයට ඉදිරිපත් කර විමර්ශනයක් පැවැත්වීම සිදුකළ හැකි බවය.