தமிழ்
English
Contact
Friday 16th November 2018    
මහින්ද අගමැති කළේ කරු, සජිත් දෙන්නම බෑ කියපු නිසයි! - මෛත්‍රිපාල සිරිසේන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද අගමැති කළේ කරු, සජිත් දෙන්නම බෑ කියපු නිසයි! – මෛත්‍රිපාල සිරිසේන



මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත්කිරීමට තීන්දු කරන්නට පෙර තමන් විසින් අගමැති තනතුර භාරගන්නා ලෙස කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන දෙදෙනාටම වරින්වර ඔවුන්ට ඇවිටිලි කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව හෙළි කළේ අද(5) එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් කෝට්ටේ පාර්ලිමේන්තු වටරවුමේ පැවත්වූ ‘ජනමහිමය‘ රැළිය අමතමිනි. කථානායක කරු ජයසූරිය විසින් එම යෝජනාව කළ දිනට පසු දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහ සමග තමන් හමුවන්නට පැමිණ ‘මේ අගමැතිතුමාට පිටුපාන්නේ කොහොමද?“ යනුවෙන් අසමින් තමන් අමාරුවේ දැමූ බව ජනාධපතිවරයා ප්‍රකාශ කළේය. එසේම සජිත් ප්‍රේමදාස විසින්ද නායකතුමාට පිටුපාන්නට නොහැකි බව කී නිසා තමන් වෙනත් අයකු අගමැතිකමට පත්කරන්නට සොයා බැලූ බව ජනාධිපතිවරයා කීය. ඒ නිසා මහින්ද රාජපක්ෂ නැවත අගමැතිකමට පත් කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම ජනරැළිය අමතා ප්‍රකාශ කළේය.