Posted on 11.21.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා වශයෙන් අද දිවුරුම් දෙනු ලැබිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම දිවුරුම් දීම ඉතා කෙටි වූ අතර එහිදී කිසිදු කතාවක් ද සිදු නොකිරීම විශේෂත්වයකි. රනිල් වික්‍රමසිංහ ඊයේ අගමැති ධුරයෙන් ඉවත්විය.
දිවුරුම්දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ පස්වරු 3.00ට සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.
නව අගමැතිවරයා දිවුරුම්දීමෙන් අනතුරුව සීමිත ඇමතිවරුන් සංඛ්‍යාවකින් යුත් නව කැබිනට් මණ්ඩලයද අද දිනයේ දිව්රුම් දීමට නියමිතව තිබේ.