தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
මහින්ද අද පක්ෂ නායකයින් කැඳවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද අද පක්ෂ නායකයින් කැඳවයි



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (24) උදෑසන පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

ඒ අනුව අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල නියෝජිතයින්ට මේ සඳහා සහභාගී වන ලෙස දැනුම්දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

අද (24) උදෑසන 10.00ට අරලියගහ මන්දීරයේදී මෙම රැස්වීම පැවැත්වෙන බව ද එම කාර්යාලය සදහන් කළේය.

දිවයින පුරා පැතිර යමින් පවතින කොවින්ඩ් නයින්ටීන් හෙවත්නව කොරෝනා වසංගත තත්ත්වය පාලනය සඳහා රජයගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරිදමට මෙම රැස්වීම කැඳවා තිබේ.