தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
මහින්ද නැවතත් චීන ආයෝජනය ගැන බලාපොරොත්තුවෙන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද නැවතත් චීන ආයෝජනය ගැන බලාපොරොත්තුවෙන්



මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩුවෙල – මීරිගම මාර්ගය ඉදිකිරීමේ කටයුතු සහ දකුණු අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දිගු කිරීමේ කටයුතු වේගවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ චීන ආයෝජනයක් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

ජනවාරි 14 වන දින චීන විදේශ ඇමති වැන්ග් යී ඇමතූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ආයෝජන යෝජනා ලැයිස්තුවක් ඔහු වෙත ලබාදී ඇත.

එසේම නව රජය චීනයේ එක්සිම් බැංකුවෙන් ණයක් ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බවද වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික කටයුතු සම්පාදනය කළත් මෛත්‍රී-රනිල් ආණ්ඩුව යටතේ එය ආරම්භ නොවීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-පොතුහැර කොටසෙහි වැඩ කටයුතු යම් පමණකට අවසන් නමුත් මහනුවර ගලගෙදර දක්වා අවසන් කොටස ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව තවමත් ප්‍රදානය කර නොමැත.