தமிழ்
English
Contact
Monday 10th December 2018    
මහින්ද - මෛත්‍රි රහස් සාකච්ඡාවේ තොරතුරු එළියට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද – මෛත්‍රි රහස් සාකච්ඡාවේ තොරතුරු එළියට!



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හිටපු ඇමති එස්.බී.දිසානායකගේ නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග දේශපාලන එකගතා ඇතිකරගැනීමේ අරමුණින් සාකච්ඡා වටයක් පවත්වා ඇත.

මෙම එකගතාව තුළින් එක්සත් ජාතික පක්ෂයට එරෙහි සන්ධානයක් ඇතිකර ගැනීමද අලුත් අගමැතිවරයකු පත්කරගෙන ආණ්ඩුවක් පිහිටුවීමද අදහස් කරගෙන සිටින බව දෙපාර්ශ්වයෙන්ම අදහස් පළ වෙමාන් තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සිදු කළ අදහස් දැක්වීමේදී පවතින ආණ්ඩුව වෙනුවට භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නට කටයුතු කළ යුතු බවට යෝජනා ඉදිරිපත්ව ඇත. එවැනි භාරකාර ආණ්ඩුවක් යටතේ මහමැතිවරණයකට එළඹී, එහිදී ජයග්‍රාහීවන්නට හැකි නිසා හිටපු ජනාධිපතිවරයාට නව ආණ්ඩුවේ අගමැති ධුරය ලබා දෙන්නට හැකි බව ජනාධිපති මෛත්‍රි විසින් යෝජනා කර තිබේ.

කෙසේවෙතත් මෙවැනි භාරකාර ආණ්ඩුවක් යටතේ කටයුතු කිරීමට හිටපු ජනාධිපතිවරයා එකගතාවක් දක්වා නැත. ඔහු ඊයේ බේරුවල ප්‍රදශෙයේ පැවති ජනමාධ්‍ය හමුවකදී භාරකාර ආණ්ඩුව යන අදහසට දැඩි ලෙස පහරදී ඇත. ජනාධිපතිවරයා භාරකාර ආණ්ඩුව යනුවෙන් අදහස් කරන්නේ මහමැතිවරණයකින් බලය පූර්ණ ලෙස එ.ජා.ප. විරෝධී පාලනයක් දක්වා ගෙනයන්නට පෙර තමන්ගේ නායකත්වය යටතේ වාසිදායක කොන්දේසි මත පිහිටුවන පාලනයකට බව පැහැදිලිය. එහෙත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඊට වඩා සැලකිලිමත් වන්නේ ජනාධිපතිවරයාට හිමි ආධිපත්‍ය හැකිතාක් අවම කරමින් තම දේශපාලන බල අරමුණු ඉදිරියට ගෙන යාමටය.