தமிழ்
English
Contact
Friday 14th August 2020    
මහින්ද රාජපක්ෂට, අභියෝග නැති නිසා මැතිවරණය කම්මැලියිලු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද රාජපක්ෂට, අභියෝග නැති නිසා මැතිවරණය කම්මැලියිලු



මෙවර මහමැතිවරණයේදී තම පාර්ශ්වයට ඒතරම් අභියෝගාත්මක තත්වයක් නැති බැවින් කම්මැලි ගතියක් දැනෙන බව හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ මහනුවරදී මහින්දානන්ද අලුත්ගමගේ සංවිධානය කළ රැස්වීමක් අමතමිනි.
මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ නීති නොතකා කටයුතු කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් අතර ඉහළම තැන සිටින බවට ජනතාව චෝදනා කරන මහින්දානන්ද අලුත්ගමගේ සමග ඒක වේදිකාවේ සිට මහින්ද මෙසේ තමන්ට ‘කම්මැලි’ බව පවසා ඇත. මහමැිවරණයේදී අගමැතිකම, ඇමතිකම් යනාදිය පාවිච්චි කරමින්, ජනාධිපතිවරයාද මැතිවරණයට යොදාගනිමින් මහජන මුදල් ප්‍රකෝටි ගණනින් වැයකරමින් සිදුකරන අසාධාරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින අගමැතිවරයා මෙසේ කම්මැලිකමක් දැනෙන්නට පටන්ගෙන ඇත්තේ ඇයිද යන්න මහමැතිවරණනේ පසුව ජනතාවට දැනෙන්නට පටන් ගනු ඇත.