தமிழ்
English
Contact
Monday 10th December 2018    
මහින්ද වෙනුවට වෙනත් අයෙක් අගමැති කිරීමට ජනාධිපති සූදානම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද වෙනුවට වෙනත් අයෙක් අගමැති කිරීමට ජනාධිපති සූදානම්!



පාර්ලිමේන්තුවේ බහුතරය නැත්නම් නම් මහින්ද රාජපක්ෂ අගමැතිධුරය ලැබීමට නුසුදුසු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනියම් ලෙස පිළිගෙන ඇත.
අද (25) විදේශ මාධ්‍ය නියෝජිතයන් හා සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සමත් පාර්ශ්වයකට අගමැතිධුරය ලබාදෙන්න සූදානම් බවය. එක්සත් ජාතික පෙරමුණ බහුතරය පෙන්වන්නේ නම් රනිල් වික්‍රමසිංහ හෝ සරත් ෆොන්සේකා හැර අන් ඕනෑම මන්ත්‍රිවරයකු අගමැති ලෙස පිළිගන්නට තමන් සූදානම් බව ඔහු එහිදී පවසා ඇත.
ජනාධිපතිවරයා මේ අනුව ප්‍රකාශ කර ඇත්තේ ඔක්තෝබර් 26 වැනිදා තමන් විසින් බහුතරය ඇති බවට අනුමාන කර මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත්කිරීමේ දෝෂයක් ඇති බවය. එසේම අගමැති වෙනස් කිරීමේදී එක්වරම නිගමනයකට පැමිණ එය සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පසුතැවීමක් ඇති බවද පෙනී යන කරුණකි. ඔහු අද විදේශ මාධ්‍යෙව්දින්ට මෙසේද පවසා ඇත.
“ආණ්ඩුවක් වෙනස් කිරීම වැඩි බරපතල දේකදි නිකං හායි කියලා හඬ අනුව නෙමෙයි නමින් හෝ ඉලෙට්‍රෝනික් සිස්ටම් එකෙන් ඉදිරිපත් කරන්න කියලයි මම ඔවුන්ට යෝජනා කළේ. ඔවුන් පෙරේදා ඉලෙට්‍රෝනික් සිස්ටම් එකට ඡන්දය පැවැත්තුවා.
“මම කතානායක ඇතුළු මන්ත්‍රීවරුන්ට ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදියට පාර්ලිමේන්තුවේ බහුතරය මම පිළිගන්න කෙනෙක්. බහුතරය විනිවිද භාවයෙන් යුතු වෙන්න ඕනා. ‘‘ යැයි සඳහන් කළේය.
එසේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා
‘‘පාර්ලිමේන්තුවේ ප්‍රචණ්ඩ ලෙස හැසිරීම දැඩි සේ පිළිකුල් කරනවා. මොන පක්ෂයේද කියන එක නෙමෙයි කවුරු වුණත් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම වැරදි. ‘‘ යනුවෙන් පැවසීය.

මේ අනුව ජනාධිපතිවරයා තමන්ගේ අත්තනෝමතික තිරණය නිසා අගමැති මාරු කරමින් සිය බල දේශපාලන න්‍යායපත්‍රය ඉදිරියට ගෙන යන්නට කටයුතු කළ ආකාරය හොදින්ම අනාවරණය වේ. අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දුන්නේ ඔක්තෝබර් 26 වැනිදා වුවද මාසයක් ගෙවී ගොස් අද දක්වාම අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂට දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යන්නට හෝ පාර්ලිමේන්තුවේ විශ්වාසය ලබා ගන්නට නොහැකිව තිබේ. මේ තතු යටතේ දින 4කින් බහුතරය පෙන්වන බවට එස්.බී. දිසානායක ඇමතිවරයා පවසා තිබේ. ඒ නිසා මන්ත්‍රිවරු මුදලට ගෙන බහුතරය පෙන්වන බවට විවිධ පාර්ශ්ව එ.ජ.නි.ස. වෙත කළ චෝදනා සත්‍ය බව පැහැදිලි වේ. විශේෂයෙන් රංගේ බණ්ඩාර මන්ත්‍රිවරයා විසින් තමන් මහින්ද පිලට එකතු කරගන්නට ඩොලර් වලින් මුදල් දෙන බවට  එස්.බී.දිසානායක දුන් පණිවුඩයද අනාවරණය කර තිබිණි. මේ අනුව මහින්ද රාජපක්ෂ පිල බල දේශපාලන ක්‍රීඩාව නැවත අරඹමින් බහුතරය බලහත්කාරයෙන් පෙන්වන පියවරකට ගොසින් තිබේ. දින 4කින් බහුතරය පෙන්වන්නට එස්.බී. සූදානම් වන්නේ මනත්‍රිවරු මිලයට ගෙන බව පැහැදලි වේ.