தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රි ආරවුල නිසා 12 දෙනකු රෝහල්ගත කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රි ආරවුල නිසා 12 දෙනකු රෝහල්ගත කරයි!



මහියංගන ප්‍රා‍දේශිය සභාවේ මන්ත්‍රිවරු අතර ආරවුලක් නිසා 12 දෙනකු තුවාල ලබා මහියංගණ මුලික රෝහලට ඇතුළුකර ඇත.
මහියංගණ පොලිසිය ඉදිරිපිටදී ඊයේ(12) සිදුවූ මෙම ගැටුමට සම්බන්ධ වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් සහ පොදුජන පෙරමුණ පක්ෂ ආධාර කරුවන් පිරිසකි.
මෙම ගැටුමට ආසන්න සිදුවීමක් ලෙස වාර්තාවන්නේ මහියංගණ ප්‍රාදේශිය සභාවේ 2021 වර්ෂය සදහා ඉදිරිපත් කළ දෙවන අය වැය ලේඛනයද පරාජය වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිශ්ශන්ක වර්ණසූරිය හා මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම ගජනායක අතර හටගත් වචන හුවමාරුවකි.
ඒ සම්බන්ධ පොලිසියට කළ පැමිණිල්ලක් විමසීමට දෙපාර්ශවය මහියංගණ පොලිසිය වෙත කැදවා සමථයකට පත්වුවද පොලිසියෙන් පිටව ගිය පසුව, නැවතවරක් ඔවුන් අතර උුසුම් තත්වය දුරදිග යාමෙන් ගැටුම ආරම්භ වී ඇති බව පොලිසිය පවසයි.