தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
මහෙස්ත්‍රාත් දෙවන දිනටත් නිවාඩු - විරෝධතාකරුවන්ගේ සිරගත කාලය දීර්ඝ වේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහෙස්ත්‍රාත් දෙවන දිනටත් නිවාඩු – විරෝධතාකරුවන්ගේ සිරගත කාලය දීර්ඝ වේ !



අධ්‍යාපනය මිලිටරිකරණයට හා පෞද්ගලිකකරණයට එරෙහිව විරෝධතාවක් නිසා අත්අඩංගුවට ගත් ශිෂ්‍ය හා දේශපාලන ක්‍රියාකාරිකයන් 5 දෙනා අද(31) අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුව තිබුණු නමුත් කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා අද දින නිවාඩු ගෙන තිබීම නිසා එම සැකකරුවන් තවදුරටත් බන්ධනාගාරයේ රඳවනු ඇත.

මෙම නඩුව අගෝස්තු 11 වැනිදා කඩුවෙල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා නිවාඩු ගොස් සිටීම නිසා නඩු විභාගය 17වනදා දක්වා කල් දැමීමට තීරණය විය. ඉන්පසුව අගෝස්තු 17 වැනිදා කැඳවීමේදී විරෝධතාකරුවන් අද දින ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගකර තිබිණි.

අගෝස්තු 03 වනදා බත්තරමුල්ල, පාර්ලිමේන්තු මංසන්ධිය අසළ පැවති සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවට සහභාගි වී නිවස බලා යමින් සිටි සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි එදිනම අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන්පසුව, පෙ.ස.ප. පාලක ලේකම් චමීර කොස්වත්ත එදින රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රි ජයවඑර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප අගෝස්තු 05 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරු සංවිධානය කළ විරෝධතාවකට සහභාගි වීමට යමින් සිටියදී නාඳුනන කණ්ඩායමක් විසින් පැහැර ගැනීමට ලක් විය. එදිනම රාත්‍රියේ රූපවාහිනී සංවාදයකට සහභාගි වීමෙන් පසු නිවසා කරා යමින් සිටියදී 06 වනදා පාන්දර අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබීය. අගෝස්තු 13 වැනිදා රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂන ශිෂ්‍යයා අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ අනුව විනිසුරුවරයා අදත් නිවාඩු ගොස් තිබීම හේතුවෙන් විරෝධතාවයට සහභාගි වීම නිසා අත්අඩංගුවට පත් පස්දෙනටෙ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ කල්හැරීමට සිදුව ඇත. ඔවුන් අතුරින් තිදෙනකුට බන්ධනාගාරයේදී කෝවිඩ් ආසාදනය වූ බව පසුගිය දා වාර්තා විය.