Posted on 03.21.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන සිංගප්පූරුව වෙත එල්ල කළ චෝදනා සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන චෝදනා කළෙ අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිංගප්පූරුව නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත් ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුව සිය අදහස් ප්‍රකාශ කළ යුතු බවයි.
කෙසේ වෙතත් සිංගප්පූරු මාධ්‍ය එරට විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් අද (20දා) වාර්තා කළේ අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් අවශ්‍ය ලියකියවිලි ප්‍රමාණවත් පරිදි නොලැබුණ බවයි.
එසේම මේ සම්බන්දයෙන් ජනවාරි මාසයේ පටන් ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරත් මේ දක්වාම සිංගප්පූරුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලූ ලියකියවිලි ඔවුන්ට ලබාදීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව සඳහන් වේ.
සිංගප්පූරුව තවදුරටත් ශ්‍රී ලංකාවෙන් මේ තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන බවත් එම තොරතුරු ලැබුණ විට පිටුවහල් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැන සළකා බැලිය හැකි බවත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
සිංගප්පූරු නීති අනුව යම් වරදකරුවෙක් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට පිටුවහල් කළ හැකිය. ශ්‍රී ලංකාවද පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටකි.
2015 වසරේ සිදුවූ මතභේදාත්මක බැදුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයෙක් බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට විදේශ ගතව සිටියත් ඔහු සිටින ස්ථානයක් පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා නොවේ.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාතිකයෙක් වේ.