Posted on 11.13.2021 by Chandana Sirimalwatte in ක්රීඩා පුවත් with 0 Comments
ලොව විශිෂ්ටතම ක්රීඩකයන් ලෙස ඉතිහාසගතවන Hall of Fame නාමලේඛනයට ක්රිකට් ක්රීඩක මහේල ජයවර්ධන එක් වෙයි.
ක්රිකට් ක්රීඩාව වෙනුවෙන් කළ සේවය ඇගැයීම වෙනුවෙන් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන සදාතනික විශිෂ්ටයන්ගේ ක්රීඩක නාම ලේඛනයට මෙ අන්දමට ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන එක්කර තිබේ. මහේල ලංකාව වෙනුවෙන් එම විශිෂ්ටයන්ගේ ලැයිස්තුවට එක් වුණු තෙවැනි සදාතනික විශිෂ්ටයා වේ. ඔහුට පෙර ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් සහ හිටපු නායක කුමාර් සංගක්කාර මෙම ගෞරව නාමයට පාත්ර වූහ.
මහේල ජයවර්ධනට අමතරව දකුණු අප්රිකානු කණ්ඩායමේ හිටපු නායකයකු වන වේග පන්දු යවන ෂෝන් පොලොක් සහ එංගලන්ත ක්රීඩිකාවක වන ජැනට් බ්රෙටින් වෙත සදාතනික විශිෂ්ටයන්ගේ ගෞරවය ලබා දීමට අයි.සී.සී.ය පියවර ගෙන තිබේ.