தமிழ்
English
Contact
Friday 29th May 2020    
මහ බැංකුව මුදල් සංසරණය වැඩි කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහ බැංකුව මුදල් සංසරණය වැඩි කරයි



මහ බැංකුව විසින් කොරෝනා වසංගත අර්බුදයෙන් පසු පසුබෑමට ලක් වූ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ අරමුණින් මෙම මාසයේදී බැංකු පද්ධතියට නව මුදල් රුපියල් බිලියන 240 ක් මුදල් ලබා දී තිබේ.

මෙම මුදලින් රුපියල් බිලියන 140 ක් බැංකු හරහා දැනටමත් ඔවුන්ගේ පරිහරණය සඳහා ජනතාව අතට පත්ව ඇති අතර මුදල් සංසරණය වැඩි කරමින් සැබෑ මුදල් ඉල්ලුමේ වැඩිවීම සපුරාලන බව නිලධාරීහු පවසති.

මෙම මුදල් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාව සඳහා රජයේ සහන ක්‍රියාමාර්ග සඳහාද පහසුකම් සැලසිය හැකි බව මහා භාණ්ඩාගාර නිලධාරියෙක් පවසා තිබේ.

මේ අවස්ථාවේ දී විශාල මුදල් ප්‍රමාණයක් එන්නත් කිරීමට හේතු වූයේ වසංගත තත්ත්වය නිසා මතුව ඇති ආර්ථික අර්බුදය වුවත් සාමාන්‍යයෙන් අපේ‍්‍රල් අලුත් අවුරුදු හා දෙසැම්බර් උත්සව කාලවලදී බැංකු පද්ධතියට විශාල මුදල් ප්‍රමාණයක් එන්නත් කරනු ලබන බව පැවසේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය සිරිමාල් අබේරත්න සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ ආර්ථික අවපාතයකදී උද්ධමනය ඇති නොකර මුදල් සැපයුම ඉහළ නැංවිය හැකි බව