தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
මහ බැංකු සේවකයෙකුටත් කොවිඩ් - මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් නිරෝධායනයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහ බැංකු සේවකයෙකුටත් කොවිඩ් – මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් නිරෝධායනයට



මහ බැංකු ආපනශාලා සේවකෙයකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලු දෙනාම ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සේවකයා ආසාදිතයෙක් යයි තහවුරු වී ඇත්තේ පෙරේදා දිනයේදීය.

කෙසේ නමුත් දෛනික මහ බැංකු කටයුතු සාමාන්‍ය ලෙස සිදු කරමින් ඇත.